• Tue. Feb 7th, 2023

දුම්වැටියත් ඉහල යන ලකුණු..?

No cigaretteදුම්වැටියක මිළ දෙගුණයකින් ඉහල දැමිය යුතු බව අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ප‍්‍රකාශ කලේ දුම්වැටි සඳහා දැනට පවතින බදු ක‍්‍රමය වෙනුවට නව බදු ක‍්‍රමයක් සිය ආයතනය මගින් යෝජණා කර ඇති බවයි.

“දැන් තිබෙන බදු ක්‍රමය රටට ගැලපෙන්නේ නැහැ. ඒකට පළවෙනි හේතුව තමයි මීට වසර 10කට කලින් දුම්වැටියක තිබුන මිල හා සන්සන්දනය කෙරුවම අද දුම්වැටියක මිල වර්තමාන තතත්වයට ගැලපෙන්නේ නැහැ.

මොකද ,රටේ ඒක පුද්ගල ආදායම වැඩි වූනාම මිනිස්සුන්ගේ මිලදීගැනීමේ හැකියාව වැඩිවෙනවා. ඒ මිලදී ගැනීමේ හැකියාවට සාපේක්ෂව දුම්වැටියක මිල වැඩි නොවුනොත් වැඩි වැඩියෙන් මිනිසුන් දුම් පානයට ඇබ්බැහි වෙනවා.

ඒක නිසා අපි ගණන් සාදා බැලූ විට , අපිට ඒත්තු ගියා වසර 10කට පෙර දුම්වැටියක තිබුන මිල හා සන්සන්දනය කෙරුවම අද තිබෙන ඒකපුද්ගල ආදායමට ගැලපෙන පරිදි නම් දුම්වැටියක මිල රු 45ක් විතර වෙන්න ඕන කියන එක.

ඒ නිසා අපි රජයට යෝජනා කරනවා වසරක් පාසා රටේ ඒක පුද්ගල ආදායම වැඩිවෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් දුම්වැටියක මිල වැඩි කරන ලෙස”

ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරියේ මාසික රැස්වීමේදී මෙම යෝජනාවට එහි සාමාජිකයන් සියලූ දෙනා එකගතාව පළ කළ බවද වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *