දේශපාලනයේදී ඕනෑම මජර වැඩක් කළ හැකි බව පසුගිය කාලයේ ඕනෑවටත් වඩා ඔප්පු කළ විමල් වීරවංශ මේ වන විට එය නැවත නැවතත් ඔප්පු කරමින් නොයෙක් ක්රියාදාමයන්හි නිරතව සිටින බව දැකිය හැකිය.
පසුගියදා ඔහුගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ බැනරය සමග පැවැත්වූ සම්මන්ත්රණයක දි ඔහු විසින් මහින්ද රාජපක්ෂ ඉදිරියේදී මෙන්ම ජනතාව ඉදිරියේදී පතුරු ගැසූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ඡායාරූපයක් එල්ලා ඔහු යුද වීරයෙකු බවට පත්කොට තිබිණි.
විමල්ට රාජපක්ෂගේ ඔඩොක්කුවේ ලැග සිටියදී සරත් ෆොන්සේකා විහිළු කාරයෙක් පාවාදෙන්නෙක් හා වාචාලයෙක් බවට පත්විය. එහෙත් හිටි හැටියේම ජාතික වීරයෙකු බවට පත්වූයේ කෙසේද යන්න ගැටළුවක් නොවේ.
මේ වනවිට තමන්ට හිමි විය යුතු දේශපාලන බලය ක්රමයෙන් ගිලිහෙමින් පවතින අතර එම ගිලිහෙන දේශපාලන බලයට කවර හෝ ලෙසකින් පැලැස්තරයක් අලවා ගැනීමෙන් විසදුම් සේවූ අතර මේ වනවිටද ඔහු එකී මජර ක්රියාදාමයේම යෙදී සිටී.
කෙසේ නමුත් ඉදිරියේදී සරත් ෆොන්සේකාගේ පමණ නොව මෛත්රීපාල සිරිසේන හෝ වෙනත් නායකයෙකු තම වේදිකාව සැරසීම සදහා ගතහොත් එයට පුදුමයට කරුණක් නොවන්නේ ඒ විමල් වීරවංශගේ වැඩක් නිසාවෙනි. ලැජ්ජා නැතිකමට ඔහු උදාහරණයක් නිසාවෙනි.