• Tue. Feb 7th, 2023

අයිටීඑන් දැන්වීම් මහින්දගේ වැඩක් – සන්ධානයේ සම්බන්ධයක් නෑ

susil prtemajayanth

ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනය නොමිලේ දැන්වීම් පළකොට එම ආයතනයට රුපියල් කෝටි 11.5ක පාඩුවක් සිදු කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු ලේකම් සහ තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ජනාධිපති විමර්ශන කොමිසම ඊයේ (30) පැය දෙක හමාරක් ප්‍රශ්න කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ එම දැන්වීම් පක්ෂයෙන් සිදු කළ ඒවා මිස තමන් පළ කළ ඒවා නොවන බවත්, තමන්ට එයට කිසිදු වගකීමක් නොදරණ බවත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රේමජයන්ත මහතාගෙන් ප්‍රශ්න කළ බව කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් පළ කරවා ගැනීමට ස්වාධීන රූපවාහිනිය පක්ෂය සමග කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ලේකම් වශයෙන් තමන්ට කිසිදු වගකීමක් නොමැති බවත් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව කොමිසමේ ආරංචි සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *