• Sat. Jan 28th, 2023

ගම්මන්පිල කථානායකට අපහාස කරලා – වැඩ වරදින ළකුණු

gammanpila and karu jayasuriya

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කථානායකවරයාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවිය යුතු බව අද (01) පැවැති පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී තීරණය කර ඇතැයි වාර්තා වේ. ඉදිරි දිනයකදී ගම්මන්පිල මහතා කමිටුව කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

“කථානායකවරයා අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක වාගේ. කථානායක කියන්නේ අගමැතිට ඕන දේවල්..ඒ නිසා කථානායකවරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි..”

යනුවෙන් ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී කර ඇතැයි කියන ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පක්ෂ නායක රැස්වීමේ අවධානය යොමු කරවා තිබේ.

අද (01) පෙරවරුවේ රැස්වුණු පක්ෂ නායක රැස්වීම නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *