සුපිරි පාපන්දු තරුවක් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය පාපන්දු දිවියේ කඩඉමක් ඊයේ (30) පසු කළා.
ඒ ඔහුගේ 500 වැනි ගෝලය ලබාගැනීමයි. තරඟ 753කදී ඔහු මෙම ගෝල සංඛ්‍යාව වාර්තා කර තිබේ.
ඊයේ මල්මේ කණ්ඩායමට එරෙහිව ඔහු ක්‍රීඩා කරන රියල් මැඩ්රිඩ් කණ්ඩායම තරඟ වැදුනු අවස්ථාවේ ඔහු එම ගෝලය වාර්තා කර තිබෙනවා.
තිස් හැවිරිදි රොනාල්ඩෝ ඔහුගේ අවසන් තරඟ 6දී ගෝල 9ක් වාර්තා කර ඇති අතර පාපන්දු තරුවක් වන රවුල්ගෙ වාර්තාවද සම කර තිබේ. රවුල් ගොන්සාලිස් විසින් රියල් මැඩ්රිඩ් කණ්ඩායම සඳහා තරඟ 741දී ගෝල 323ක් වාර්තා කර තිබෙනවා.
වසර 2009දී රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එක්වූ රොනාල්ඩෝ තරඟ 308කදී ගෝල 323ක් වාර්තා කර තිබෙනවා.
ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සඳහා වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 118ක් වන අතර පෘතුගාලය සඳහා ගෝල 55ක් සහ ස්පෝටිං කණ්ඩායම සඳහා ගෝල 5ක් වාර්තා කර ඇත.