• Tue. Feb 7th, 2023

වෘත්තීය සමිති එකමුතුවෙන් ආණ්ඩුවට රතුඑළි.

saman rathnapriya

රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබාදෙන බව කී වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් 10ක් ඉදිරි අයවැයෙන් ලබාදෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යවරයාට හා භාණ්ඩාගාර ලේකම්වරයාට යෝජනාවලියක් ලබාදුන් බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
අයවැය සඳහා වන යෝජනා ඉදිරිපත් කරන්නැයි රජය කර ඇති ඉල්ලීමට අනුව මෙම යෝජනාවලිය ඉදිරිපත් කළ බව එම වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය. යෝජනා ඉටු නොකළොත් වෘත්තීය අරගලයක් අරන බවටද ඔහු අනතුරු ඇඟවීය.
රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවීම, අවම වැටුප් වර්ධකයක අගය රුපියල් 225ක් දක්වා වැඩි කරවා ගැනීම, පෞද්ගලික අංශය සඳහා සේවා කොන්දේසිවලින් තොරව රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ලබාදීම, පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 15,000 දක්වා ඉහළ නැංවීම, කොන්ත‍්‍රාත් පදනම මත බඳවාගෙන ඇති සේවකයන් වහා ස්ථිර කිරීම, අග‍්‍රහාර රක්‍ෂණ ප‍්‍රතිලාභය වැඩිකිරීම ඇතුළු යෝජනා මීට ඇතුළත් බව ද රත්නප‍්‍රිය මහතා කීවේය.
ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂල් ස්ටාලින්, ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ඞී.ඩබ්ලිව් සුබසිංහ, සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් උදේනි දිසානායක යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *