• Sat. Jan 28th, 2023

ජිනීවා යෝජනාවෙන් අරමුණු ඉටු නොවුනු කොටි හිතවාදීන් කම්පා වේ

 

giniva
ඇමරිකානු යෝජනාව මගින් උතුරේ සිටින සියලු හමුදා සේනාංක ඉවත් කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය සහ රාජ්‍ය නොවන සංවිධාන දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බවටත් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ද්‍රවිඩ සන්ධාන හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රි ශ්‍රීධරන්, ද්‍රවිඩ ජනතා පක්‍ෂයේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිදරන් ඇතුළු පිරිස මේ නිසා දැඩි කම්පනයට පත්ව තිබෙන බවටයි වාර්තා වන්නේ.

“දේශීය පරීක්‍ෂණයකට පෙර උතුරින් හමුදාව ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටියා. එය අපේ මූලික අවශ්‍යතාව බව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නා. යෑයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය.

ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ නිර්දේශ රැසක්‌ ඇමරිකානු යෝජනාවට ඇතුළත් කර නැතැයි ද ඔහු කියා සිටියේය. බලාපොරොත්තු රහිත ලෙස ඊළාම් ඩයස්‌පෝරාවේ ඉල්ලීම් ඇමරිකානු යෝජනාවට ඇතුළත් නොවීම නිසා, ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දැඩි නොසතුටට පත් වී ඇත.

ඇමරිකානු යෝජනාව පසුගිය බදාදා ජිනීවා මානව හිමිකම් සැසිවාරය හමුවේ සභාගත කෙරුණ අතර ඊට පෙර ද්‍රවිඩ සන්ධානය, ප්ලොට්‌, ඊ.පී.ආර්.එල්.එඑෆ්. සහ ටී.පී.එන්.එඈ. පක්‍ෂ ඇතුළු සිවිල් සංවිධාන 40 ක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ වෙත සන්දේශයක්‌ යවමින් පූර්ණ විමර්ශනයක්‌ අවශ්‍ය බව දන්වා තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධ පූර්ණ විමර්ශනයක්‌ පැවැත්වීම නොකළ යුතු යැයියි ඉන්දියාව ද ඇමරිකානු බලධාරීන්ට දැනුම් දී ඇති බවත් වාර්තා වෙනවා.

දේශීය යාන්ත්‍රණයකට වයිකෝගේ විරෝධය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී සම්මත කරනු ලැබූ ශ්‍රී ලංකාව තුළ දේශිය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ඉන්දිය එම්.ඩී.එන්.කේ පක්ෂයේ නායක වයිකෝ පවසනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවිම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ වූ බවයි ඔහු පවසන්නේ.

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉතිහාසයේ අඳුරු දිනයක් ලෙස සැලකිය හැකි බව වයිකෝ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඇරිකාව විසින් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් යෝජනාවලිය දෙමළ ජනතාව පිළිනොගන්නා බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *