• Fri. Feb 3rd, 2023

 

ranil wickremesingheවැඩිහිටි පරපුරට වඩා වේගයෙන් වර්තමානයේ පාසල් දරුවන් අතර දියවැඩියා රෝගය වේගයෙන් පැතිරී යාම අසතුටුදායක තත්ත්වයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ සංගමයේ 07 වැනි අධ්‍යාපන සැසියට වෙනුවෙන් ගලධාරී හෝටලයේ පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

අගමැතිවරයා පෙන්වා දුන්නේ පාසල් දරුවක් උදෑසන ආහාරවේල නොගැනීම සහ ක්ෂණික ආහාර වෙත හුරුවීම දියවැඩියා රෝගය ව්‍යාප්ත වීමට හේතුවී ඇති බවයි.සමබල ආහාරවේලක් නොගැනීම එම තත්ත්වයට බලපාන තවත් සාධකයක් බවද පැවසීය.

මෙම තත්ත්වය නාගරික ප්‍රදේශවල පමණක් නොව ගම්බද ප්‍රදේශයන්ටද පැතිරයන අතර එය සෞඛ්‍යයේ වරදක් නොව ජීවන රටාවේ වරදක් වන බව ද වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *