• Sat. Jan 28th, 2023

මහින්දගේ සංවර්ධනය කොක්මාදූවෙන් පෙනෙයි – අලුත්වැඩියාවට කෝටි 50ක්

south highway

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව – කොක්මාදූව නාය යාම පිළිසකර කිරීමට රුපියල් කෝටි 50ක් පමණ වැයවෙතියි අද (2) උදේ එම ස්ථානයට ගිය ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට අදාළ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි පාරේ එම කොටස යළි විවෘත කරන දිනය ප්‍රකාශ කිරීමට දැන්ම නොහැකි බව ද, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම පාර යළි සකස් කිරීමට යන වියදම පාර ඉදිකළ සමාගම්වලින් අයකර ගැනීම කෙරෙහි රජයේ සැලකිල්ල යොමුවී ඇතැයි ගන්කන්ද මහතා ප්‍රකාශ කෙළේය.අද මේ පිළිබඳ සාකච්ඡාවක් කිරීමටද, නියමිත බවත් වාර්තා වුණා.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව කොක්මාදූව අතර කිලෝ මීටර් 7 ක් අවදානම් කලාපයක් ලෙස නම්කර ගමනාගමනය නතර කළ බව මාර්ග අධිකාරියේ නිලධාරීහු සඳහන් කරනු ලැබුවා.
කොක්මාදූව අසල අධිවේගී මාර්ගයට මීටර් 5ක් ඈතින් මීටර් 60ක් උස කන්දක් නාය යාමේ තර්ජනයට ලක්ව ඇතැයි මාතර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත සන්දහන් කර ඇත්තේ.

එමෙන්ම වැලිගම කොක්මාදූව අසල කන්ද නාය යාමේ අවධානමක් මතුව ඇති බැවින් ඒ අසල පදිංචි පවුල් 16කට ඉවත් වන ලෙස දන්වනු ලැබූ බව එම ගෙවල්වල පදිංචිකරුවෝ සඳහන් කරනු ලැබුවා.
තමන්ට ඉවත්වන ලෙස දැනුම්දුන් නමුත් යෑමට තැනක් නැතැයිද ඔවුහු සඳහන් කළේ.
දින කිහිපයක් නොකඩවා එම පෙදෙසට මහ වැසි වැටුණු අතර මීට දින කිහිපයකට පෙර කන්දෙන් වතුර පාරක් මතුවී යැයිද කන්දේ පස්ද බුරුල්වී ඇතැයිද ගැමියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *