• Thu. Feb 2nd, 2023

කාල්ටන් ස්පෝ්ර්ට්ස් නිසා ශ්‍රී ලංකා රග්බි තහනම් වීමේ අවධානමක්.

 


2014 වසරේ හබරාදුව පැවති කාල්ටන් රග්බ් සෙවන්ස් තරගාවලියට ලබාදුන් වෛද්‍ය අවරණයට සහ ක‍්‍රීඩකයන්ට ලබාදුන් ප‍්‍රතිකාර සදහා අයවිය යුතු රු: ලක්‍ෂ 04කට ආසන්න මුදලක් මේ වනතුරු කාල්ටන් රග්බ් සෙවන්ස් සංවිධායකවරු ගාල්ල සදර්න් පෞද්ගලික රෝහලට නොගෙවා මගහරිමින් සිටින බව වාර්තා වෙනවා.
රාජපක්‍ෂවරුන්ගේ ජාත්‍යන්තර පොලූ තැබීමේ න්‍යායට තවත් දේශීය උදාහරණයක් සපයමින් මොවුන් මේ සිදු කරන්නේ අතීශයින්ම පිළිකුල් සහගත ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා රග්බි ආරංචි මාර්ග සදහන් කරනවා.

rugby 4ශ‍්‍රී ලංකාව තළ ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් සහභාගී වන තරග සංවිධානය කිරීමට අවසර ඇති එකම ආයතන ශ‍්‍රී ලංකා රග්බ් සම්මේලනයයි. ජාත්‍යන්තර හෙවත් රග්බ් සංගමය මෙම අවසරය ලබා දෙනුයේ පූර්ව කොන්දේසි සමගය.
ඉන් ප‍්‍රධානම කරුණක් වනුයේ එම ජාත්‍යන්තර ක‍්‍රීඩකයන්ගේ රක්‍ෂණ ආවරණයයි.

නාමල් රාජපක්‍ෂගේ රගර් පුහුණුකරුවා සිට ශ‍්‍රී ලංකා රග්බ් සම්මේලනයේ සභාපති වූ අසංග සෙනෙවිරත්නගේ පූර්ණ අනුදැනුම මත කාල්ටන් රග්බ් සෙවන්ස් සදහා ශ‍්‍රී ලංකා රග්බ් සම්මේලනය අනුග‍්‍රහය දැක්වීය.
මෙම තරගාවලිය සඳහා විදෙස් තරගකරුවන්ගේ රක්‍ෂණ ආවරණය සදහා ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව රු: මිලියන 12 ක් වටිනාකමින් යුත් රක්‍ෂණාවරණ යෝජනාවක් ශ‍්‍රී ලංකා රග්බ් වෙත (කාල්ටන් රග්බ් සෙවන්ස් ) ඉදිරිපත් කර තරගයට පෙර එම මුදල ගෙවන ලෙස දැනුම් දී ඇත.

නමුත් කාල්ටන් සංවිධායකවරු ඉතා සූක්‍ෂමව එම මුදල ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට නොගෙවා එම රක්‍ෂණ යෝජනා ලියවිලි ගාල්ල හේමාස් සදර්න් රෝහලට වලංගු රක්‍ෂණාවරන ලියවිල්ලක් බවට ඒත්තු ගන්වා තරගය සදහා ක‍්‍රීඩා වෛද්‍ය ආවරණය සහ ආබාධ ඇති වූ ක‍්‍රීඩකයන්ට ප‍්‍රතිකාර ලබා ගෙන ඇත.

sujani bogollagama

පසුව එම බිල්පත් ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට ඉදිරිපත් කළද ඔවුන් එය ගෙවීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ කාල්ටන් ආයතනය හෝ ශ‍්‍රී ලංකා රග්බ් ආයතනය නියමිත මුදල ගෙවා රක්‍ෂණාවරනය ලබා ගත හැකි බව පවසමිනි.

මේ පිළිබද හේමාස් ආයතනයේ නිලධාරීන් ඊමේල් මගින් මෙම වෛද්‍ය කටයුතු ආවරණයට සම්බන්ධ වූ කාල්ටන් සුජානි බෝගොල්ලාගම මෙනවියට දැන් වූ විට එම බිල්පත් සදහා ගෙවීම් සිදු කරන බව දන්වා ඊමේල් මගින් පිළිතුරු සපයා ඇතත් මේ වනතෙක් එම මුදල ගෙවීමට කාල්ටන් ස්පෝර්ට්ස් කටයුතු කර නැත.

එම මුදල ලබා ගැනීම සදහා දැනට නීති මගින් කටයුතු කරගෙන යන අතර අල්ලස් හෝ දූෂණ කොමිසමට ද පැමිණිලි කිරීමට කටයුතු කර යන අතර, බරපතලම කරුණ වනුයේ යම් හෙයකින් හේමාස් රෝහල මෙම රක්‍ෂණාවරනය නොමැතිව ශ‍්‍රී ලංකා රග්බ් සම්මේලය ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් තරග බිමේ තරගකරවා ඔවුන්ව ලක්කොට ඇති අවදානම සලකා ශ‍්‍රී ලංකාවට තරග තහනමක් පැනවීමේ ඇති බරපතල අවදානමයි.
මීට පෙර ෆිජි ක‍්‍රීඩකයන්ට ශ‍්‍රී ලාංකික නම් පටබැද ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් ලෙස භෞතිස්ම කොට සිදුකර ගත් අවමානය සහ දඩකෑමට නොදෙවැනි හානියක් මෙම රාජපක්‍ෂවරුන්ගේ තක්කඩි ක‍්‍රියා නිසා ශ‍්‍රී ලංකා රග්බ් ක්ෂේත‍්‍රයට අත්වනු ඇතිබවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.rugby1 rugby 3 rugby 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *