පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට මහා පරිමාණ අල්ලස් හා දූෂණ වංචා විමර්ශණ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා.
ඒ අනුව එළැඹෙන 15 දා, 16 දා, 29 දා හා 30 දා ඔහුව කොමිසමට කැඳවිමට නියමිතව ඇත.
හිටපු ජනපතිවරයාට අමතරව, හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු සභාපති හා එහි කළමණාකාරවරුන් දෙදෙනෙකුට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නියෝග කොට තිබේ.
ඉකුත් ජනපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වූ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.