පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඍණ 0.3 දක්වා අඩු වී ඇතැයි ද, මෙලෙස උද්ධමනය ඍණ 0.3 ක් බවට පත් වූයේ වසර 20කට පමණ පසුව බව ද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ඞී.එම්.යූ.කේ. අලහකෝන් මහතා පවසයි. මීට පෙර මෙවැනි අඩුවීමක් වාර්තාවී ඇත්තේ 1995 මාර්තු මාසයේ දී ය.
2015 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 3.2ක් වූ බවත් එය 2015 සැප්තැම්බර් මාසයේදී එය දස ගුණයකින් පමණ අඩු වී ඍණ 0.3 දක්වා අඩු වූ බවත් අලහකෝන් මහතා පවසයි.ජීවන වියදම තවත් අඩු වී ආර්ථික සංවර්ධනයට හා ආයෝජනය වැඩිවීමට මේ තත්ත්වය හේතුවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ කියති.
මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශනය ද පසුගිය සැප්තැම්බර් මාසයේදී 181.4ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පවසයි. 2015 ජනවාරි මාසයේ එය 183.2ක් වූ බව ද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
එමෙන් ම පසුගිය අපේ‍්‍රල් මැයි ජූනි මාසවලදී මෙරට දළ දේශීය නිෂ්පාදනය සියයට 6 – 7 කින් වැඩි වී ඇතැයි ද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.මේ අනුව 2015 මුල් කාර්තුවට වඩා දෙවැනි කාර්තුවේ දී රුපියල් මිලියන 129830ක වටිනාකමකින් යුත් දේශීය නිෂ්පාදනයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.