කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය සහ ගෝර්ඩන් උද්‍යානය පාසල් සිසුන් ඇතුළු මහජනයාට දැක බලා ගැනීමේ අවස්ථාව සැලැසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය අධි ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කෙරුණු අතර කොටුවේ චැතම් ඔරලෝසු කණුවෙන් ඔබ්බට ගමන් කිරීම තහනම් කර තිබිණි. අග්‍රාමාත්‍ය නිල නිවෙස වූ අරලියගහ මන්දිරයත්, කොටුව ජනාධිපති මන්දිරයත් දෙකම ජනාධිපතිවරයාගේ නිල නිවාස ලෙස එකල භාවිත විය.
කොළඹ නගරයේ පිහිටි යටත් විජිත පාලන සමයේ ඉදි වූ ගොඩනැඟිලි අතරින් විශිෂ්ටතම ඉදිකිරීමක් වූ ජනාධිපති මන්දිරය හිටපු ජනාධිපතිවරයා විසින් ලොව ඉහළම ගෘහ අලංකරණ උපකරණවලින් සමන්විත සුපිරි රාජකීය මන්දිරයක් බවට පත් කර තිබේ.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරය සිය නිල නිවාසය වශයෙන් යොදා නොගන්නා අතර එය රාජකීය අමුත්තන් පිළිගැනීම ඇතුළු විශේෂ අවස්ථා සඳහා පමණක් යොදා ගනී.
ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයට අනුව නොබෝ දිනකින් පාසල් දරුවන් ඇතුළු පිරිස්වලට ජනාධිපති මන්දිරයේ අසිරිය විඳ ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
ජනාධිපති මන්දිරය පිහිටා ඇති ගෝර්ඩන් උද්‍යානය සර් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්ඩුකාරයාගේ නමින් නම් කර තිබේ. ක්‍රි.ව. 1505දී ලංකාවට පැමිණි ප්‍රථම පෘතුගීසි නැව්පතියා වූ ලොරෙන්සෝද අල්මේදා ඇතුළු නාවිකයන් විසින් පෘතුගීසි ලාංඡනය කොටන ලද ඓතිහාසික ගල පිහිටා තිබෙන්නේද ගෝර්ඩන් උද්‍යානයේය.
1887 දී බි්රතාන්යයේ වික්ටෝරියා රැජනගේ රිදී ජුබිලිය සිහිගන්වමින් ගෝර්ඩන් උද්‍යානයේ බි්රතාන්යයන් විසින් ඉදිකළ රැජනගේ ප්‍රතිමාවද පසුගිය සමයේ එම භූමියෙන් ඉවත් කරන ලදුව දැනට ආනන්ද කුමාරස්වාමි මාවතේ සවිකර තිබේ.
