පසුගිය රජය සමයේ ධනපති පන්තිය වෙනුවෙන් කොළඹ නගරයේ සිදුකළ ඇතැම් මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති අද පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයි මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.
ඒ ඊයේ දිනට යෙදුනු ලෝක ජනාවාස දිනය වෙනුවෙන් කොළඹ පැවති විශේෂ සැමරුම් උත්සවයකට සහභාගි වෙමින්. එවැනි සංවර්ධන ව්‍යාපෘතියකට ඇතුළත් රුපියල් ලක්ෂ 300ක වීදුරුවක් සහිත මාළු ටැංකියක් පිළිබඳව ඔහු මෙහිදී කරුණු හෙළි කළා.
එහි සිටින මත්ස්‍යයෙකුගේ මිල රුපියල් 65,000ක් බව ද ඔහු කියා සිටියා.
එම අවස්ථාවේ ඔහු දැක්වූ අදහස් පහතින්.
“අපි හැදුවා විශාල සාප්පු සංකීර්ණ,ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස්.ඒ වගේම රේස් කෝස් එකේ.පාවෙන වෙළද ව්‍යාපාරික ස්ථාන .අද ඒවා මිලියන ගානක් මාසෙකට පාඩු ලබන ස්ථාන බවට පත් වෙලා.ආකේඞ් ඉන්ඩිපෙන්ඞ්න්ස් එකේ හදලා තියෙනවා මාලූ ටැංකියක්.ඒකේ වීදුරුවක් විතරක් ලක්ෂ 350ක් වටිනවා.ඒකට දාලා තියෙන මාලූවෙක් රුපියල් 65,000ක් වෙනවා.මේවා අද අපිට නඩත්තු කරන්න බැරි සුදු අලි බවට පරිවර්ථනය වෙමින් යනවා.මේවා අවසාන වශයෙන් පරිප්පු,සීනීවලින් පෙට්රල්වලින් ඞීසල්වලින් බදු අය කරන සාමාන්‍ය ජනතාවගෙන් තමයි නඩත්තු කරන්න වෙලා තියෙන්නේ.
බස්නාහිර පළාත මහා නගරයක් බවට බවට පත් කරන්න ගරු අග්‍රමාත්‍යතුමා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපි 5 අවුරුදු වැඩසටහනක් හදනවා. ඒක අවුරුදු 20ක් ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක්.
අපි බලාපොරොත්තු වෙනවා යෝධ නගර 3ක් ඉදි කරන්න.වරාය නගරය කොටුව ප්‍රදේශයේත්,ගුවන් නගරයට කටුනායකත්,තාක්ෂණ නගරය මාලඹේ සිට හෝමාගමට ඉදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.