• Sat. Jan 28th, 2023

ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කුපිත වෙති..!

india Cricket fans

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ නියත පරාජයක් ලබමින් සිටි සිය කණ්ඩායමේ පරාජය දරාගත නොහැකි වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් කළහකාරී ලෙස හැසිරුණේය. ඒ හේතුවෙන් ඉන්දියා – දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි20 තරගය ඊයේ (05දා) තාවකාලිකව නැවැත්වීය.

Crowd-Behaviour-PTIදෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයද දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගත්තේය. ලකුණු 93ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 70ක් රැස්කර තිබුණේ පන්දුවාර 13ක් අවසානයේදීය. 14 වැනි පන්දුවාරය ආරම්භකරන විටම කුපිත වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් බොතල්වලින් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

කෙසේ වෙතත් නැවතත් තරගය ආරම්භ කිරීමට තරග තීරකයන් කටයුතු කළ අතර එහිදී අවශ්‍ය ලකුණු ප්‍රමාණය රැස්කරමින් දකුණු අප්‍රිකාව තරගය ජයගනු ලැබිය. ඒ අනුව තරගාවලියේ ජයද දකුණු අප්‍රිකාවට හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *