• Thu. Feb 2nd, 2023

ලංකාවේ පැයකට වාහන 50 ක් අලුතින් මාර්ගයට එක්වෙනවලු.

 

sri lanka road
දිනෙන් දින උග්‍ර අතට හැරෙන රථවාහන තදබදය සම්බන්ධයෙන් පොදුවේ කා අතරත් පවතින්නේ මැසිවිල්ලකි.මේ හේතුව නිසාම දිනෙන් දින උග‍්‍ර වෙමින් පවතින කොළම නගරයේ රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා නව ක‍්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව දිනකට අාසන්න වශයෙන් වාහන 1177 ක් ලියාපදිංචි වන අතර පැයකට වාහන 50 ක් අලුතින් මාර්ගයට එකතුවේ. මෙලෙස වාහන වැඩි වීම වාහන තදබදයට ප්‍රධාන හේතුවක්වන අතර ඒ වාහන වලට මාර්ගවල ඉඩ ප්‍රමාණවත් නොවේ. සිය කාර්යයන් ඉටු කර ගැනීම සදහා අදාළ ස්ථාන කරා යාමට වැඩිපුර කාලයක් ගත කරන්නට සිදුව අැත්තේ මහ මගටය.ඒ බව බොහෝ දෙනෙකු මැසිවිලි නගනවා.

මේ වන විට කි‍්‍රයාත්මක වෙමින් පවතින ක‍්‍රමවේදයන් රථ වාහන තදබදය අවම කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනවාරි මාසය වන විට නව ක‍්‍රමවේදයේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

රථ වාහන තදබදය සම්බන්ධව මේ වන විට සිදුකර අැති අධ්‍යයනයන් විමසා බලා ඉතා ඉක්මනින් නව ව්‍යාපෘතියක් යටතේ රථ වාහන තදබදය අවම කිරීම සදහා පෙර නොවූ විරූ ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරන බව නිහාල් රූපසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොළඹ නගරයේ රථවාහන තදබදයට පිළියමක් ලෙස මං තීරු නීතිය ක්‍රියාත්මක වන අතර මං තීරු හරහා නොසැලකිලිමත් ලෙස රිය පදවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වන බවත් ඒ හැරුණු විට විකල්ප ක්‍රියාමාර්ග රැසක් ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

රියදුරු මෙන්ම මගීන් සහ පදිකයන්ගේ විනය නොමැතිකම,බර වාහන නියමිත වේලාවක් නැතිව ගමන් කිරීම,සංඥා පද්ධති දුර්වලතා,මාර්ග ප්‍රතිසංස්කරණ අාදී හේතු වාහන තදබදය වැඩි වීමට බලපා තිබේ.

කෙසේ වෙතත් ජනවාරි මාසය වන විට නව ක‍්‍රමවේදයක් හරහා රථවාහන තද බදය අවම කිරීමට සූදානම් බව රූපසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *