මෝටර් රථ නිෂ්පාදකයාගේ වටිනාකම පදනම් කරගෙන අලුතින් රේගු වටිනාකම් රජය විසින් තීරණය කිරීමත් සමග ජපන් මෝටර් රථයක රේගු බදු රු.ලක්ෂ 7 සිට රු.ලක්ෂ 12 දක්වා වැඩිවන බව මෝටර් රථ ආනයනකරුවෝ පවසනවා.මෙය වඩාත්ම අවාසිදායක කාරණයක් වන්නේ පසුගිය මැතිවරණ වේදීකාවල මොවුන් දැක්වූ අදහස් මොවුන්ටම අමතක වී හුදෙක්ම වාහන සේල් හිමි කරුවන්ට පමණක් වාසිය සැලසීම මුල් කොටගෙන මොවුන් මේ තීරණ ගනු ලැබ ඇති නිසාය.
අන්තර්ජාලයේ වෙගවත් පැතිරීම හෙතුකොටගෙන අතරමැදියෙක්ගෙන් තොරව වාහනය අවශ්‍යය කෙනාටම එම වාහනය මිළඳී ගැනීමේ හැකියාවත් සමගම පසුගිය දිනවල වාහාන ගෙන්වා වෙළදාම් කරන්නන් හට තරමක අසීරු ව්‍යාපාරික වටපිටාවක් ගොඩ බැගී තිබුණි.එම නිසාම සේල් වල වාහන අතිරික්තයක්ද ගොඩ ගැසී තිබුණි.එහි වාසිය හිමිව තිබුනේ පාරිභෝගිකයා හටයි.නමුත් වත්මන් රජය බලයට පත්වීමේන් අනතුරුව හුදෙක්ම වාහාන සේල් හිමිකරුවන්ගේ වාසිය තකා පමණක් මොවුන් මේ ගනු ලැබ ඇති තීරණය නිසා පාඩු විඳීඉමට සිද්ධ වී තිබෙන්නේ අතරමැදියෙකුගෙන් තොරව කෙලින්ම තම වාහනය මිලට ගැනීමට සිහින මැවූ පාරිභෝගිකයා හටයි.
ඒ අනුව, ටොයොටා ඇක්වා රථයක රේගු බදු රු.770,000/- කින්, ටොයොටා ඇක්සිඕ රථයක රු.703,000/- කින්, ටොයොටා ප්රෙමිඕ/ඇලිඔන් රථයක රේගු බදු රු.6,75,000/- කින්, ටොයොටා ප්‍රියුස් රථයක රේගු බදු රු.11,20,000/- කින්, ටොයොටා හැරියර් රථයක රේගු බදු රු.11,50,000/- කින්, මිටිසුබිෂී අවුට්ලෑන්ඩර් රථයක රේගු බදු රු.8,52,000/- කින් වැඩි කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමලේකම් නිශාන්ත පෙරේරා මහතා පවසා සිටියේ, නිෂ්පාදිත භාණ්ඩයේ රේගු බදු ගණනය කරන මූලික මිල (ඹසෙ ඵ්රිcඒ වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි. ඒ නිසා අඩුම තරමින්, ජපන් වාහනයක් රු.ලක්ෂ 7 ත්, ලක්ෂ 12 ත් අතර ප්‍රමාණයකින් හෙට (08දා) සිට වැඩිවනු ඇති බව හෙතෙම පැවසීය. එමෙන්ම, මෙම නව රේගු බදු වැඩිවීමට සාපේක්ෂව මෝටර් රථවල මිලද ඉහළ යනු ඇති අතර, මේ සම්බන්ධයෙන් බලවත් විරෝධයක් දක්වන බවද ඔහු පවසා සිටියේය.
කෙසේ වෙතත්, මෙම වාතාවරණය තුළ ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.