නව රජය යටතේ අටවැනි පාර්ලිමේන්තුව රැස්වී ඊයේට (7 වැනිදා) මාසයකුත් දින හයක කාලයක් ගත වී ඇතත් මෙතෙක් රටට වැදගත් වන කිසිදු පනතක් හෝ යෝජනා සම්මත වීමක් සිදුනොවුණු බව රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් සඳහන් කොට තිබෙනවා.
ගෙවී ගිය කාලය තුළ පාර්ලිමේන්තුව රැස්වූ සෑම දිනකම සිදුවූයේ කල් තැබීමේ විවාද ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් දෙපිලක සිට වාද කිරීම පමණක් යැයියිද හෙතෙම පෙන්වා දුන්නේය.
නව රජයේ විසර්ජන පනත් කෙටුම්පත් ඇතුළුව පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු වැදගත් විෂයන්ට අදාළ කරුණු ගණනාවක් තිබියදී මෙතෙක් සිදුව ඇත්තේ කාලය නාස්ති කර දැමීම පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර වත්මන් ජාතික ආණ්ඩුව තුළ ඇතිවී තිබෙන දේශපාලන කඹ ඇඳීම් නිසා රජයේ සංස්ථා, මණ්ඩල හා දෙපාර්තමේන්තු ගණනාවකට සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් පත්කිරීම මේ දක්වාම සිදුව නැති බවද එම ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
මේ හේතුවෙන් අදාළ ආයතනවල කටයුතු අකර්මණ්‍ය වීමෙන් රාජ්‍ය සේවයේ කඩා වැටීමක් සිදුවන තත්ත්වයක්ද නිර්මාණය වී ඇත.
(සමන් ගමගේ)