විදේශ රටවල්වල සේවයට ගොස් එහිදී හාම්පුතුන් අතින් විවිධ වදහිංසාවන්ට ලක්වන කාන්තාවන් පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබෙනවා. නමුත් මේ වීඩියෝවෙන් ඔබවෙත ගෙන එන්නේ අපේම රටේ කාන්තාවන් පිරිසක් අතින් පහරදීමට ලක්වන කාන්තාවක් පිළිබඳවයි.
කුවේට් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනයක් තුළ මෙම කාන්තාවට පහරදෙන වීඩියෝව මාධ්‍ය වෙත ලැබී තිබෙන්නේ ඉබ්බාගමුව ප්‍රදේශයේ වාර්තාකරුවෙකුගෙනුයි. මෙම වීඩියෝව වාර්තාකරුට ලැබුණු විගස ඒ පිළිබඳව වැඩිදුර විස්තර සොයාගෙන යාමේදී එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා පොල්පිතිගල ප්‍රදේශයේදී හමුව තිබෙනවා. ඔහු පවසන්නේ තම බිරිඳ ගිය මාසයේද ඔහුට කතා කළ බවත් ඉන් පසු මේ වන තෙක් කිසිඳු දුරකතන ඇමතුමක් ඇයගෙන් නොලැබුණු බවයි.
එම නිසා ඔහු කුවේට් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනයට කතා කර ඇති අතර එහිදී එම ආයතනයේ කාන්තාවක් සිය බිරිඳ රෝගාතුර වී රෝහලේ ප්‍රතිකාර ලබන බවට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මේ ආකාරයට විදෙස් රටකට ගෘහ සේවයට යන කාන්තාවන්ට විඳින්න වෙන විවිධ වද හිංසා පිළිබඳව වාර්තාව වන පළමු පුවතත් අවසන් පුවතත් මෙය නොවෙයි. මෙම පහරදීමට හේතුව කුමක්දැයි සොයා බලා ඔවුන්ට නිසිලෙස නීතිය ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතු වගකීමකි.
කාන්තාවට පහරදෙන වීඩියෝව,