• Fri. Feb 3rd, 2023

maithripala sirisena moneyවසර 2015 සඳහා රුපියල් මිලියන 3597.5ක මුදලක් ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කළත්, වසරේ මුල් මාස අට නිමාවන විටත් වැයකොට ඇත්තේ රුපියල් මිලියන 1786.3ක් තරම් ඉතා අඩු මුදලක් බව වැඩබලන මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

පසුගියදා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳ අවධානයයොමු කොට මේ කරුණු අනාවරණය කරන බවයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

“ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ වියදම් සම්බන්ධව පුවත්පත්වල පළවූ වාර්තා පිළිබඳ මගේ අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පහත පැහැදිලිකිරීම සිදු කිරීමට කැමැත්තෙමි.

ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අංක 01 සඳහා 2015 වර්ෂ‍ෙය් වියදම වෙනුවෙන් රු. මිලියන 2,567.5ක් ඇස්තමේන්තු කර ඇත.

මෙම ඇස්තමේන්තු වියදමෙහි ජනාධිපති තුමාගේ සාමාන්‍ය පරිපාලන කටයුතු,හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් සැපයීම,එතුමා යටතේ පරිපාලනය වන ආයතන ගණනාවක පරිපාලන වියදම් ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය (ඊ – ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය), රාජ්‍ය පරිගණක ජාලය යන ව්‍යාපෘතිය, සංවර්ධන මූලාරම්භ සම්බන්ධීකරණය හා අධීක්ෂණය ව්‍යාපෘතිය හා ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතාවය යන ව්‍යාපෘතීන් සඳහා වූ වියදම්ද ඇතුළත්ය.

2015 අංක 01 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධනය වූ 2014 අංක 41 දරන විසර්ජන පනතේ 6 (1) හා 6 (2) වගන්තිවලට අනුව, 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමත අයවැය ඇස්තමේන්තුව තුළ වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රතිපාදන මාරු කරනු ලැබේ.

එසේ මාරුකරනු ලබනමුදල හා ඊට අදාළ හේතු ඇතුළත් වාර්තාවක් මාස 2ක කාලයක් ඇතුළත දී පාර්ලිමේන්තුවට දැනගැනීමට ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවකි.

ඒ අනුව, මෙම විස්තර පාර්ලිමේන්තු‍ෙව් සභාගත කිරීම පසුගිය කාලය තුළද සිදුකර ඇත.

2015 වර්ෂයේ අයවැය ක්‍රියාත්මක කිරීමේ දී අමාත්‍යාංශ සංයුතියේ සිදුවූ වෙනස්වීම මත මෙවැනි මාරුකිරීම් විශාල ප්‍රමාණයක් විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන අතර සිදුකරන ලදී.එහිදී සමහර ආයතන යම් නිශ්චිත අමාත්‍යාංශයක් යටතට පත් නොවුන අවස්ථාවල සහ අලුතින් අමාත්‍යාංශ ඇතිකිරීමේ දී එහි මූලික වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ ලබාදීමට සිදුවී ඇත.

එසේම, ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය වියදම් සඳහා ද ප්‍රතිපාදන මාරුකර ඇති අතර රජයේ නිලධාරීන්ගේ දීමනා සංශෝධනය වීම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම,2014 වර්ෂයේ දී පැවැති එක්සත් ජාතීන්ගේ 69 වැනි මහ සමුළුව හා කොළඹ හා කත්මණ්ඩු අතර සිදුකරනලද විශේෂ මානුෂීය ගුවන් මෙහෙයුම් වැනි කටයුතු සඳහා ද ප්‍රතිපාදන සලසා ඇත.

ඒ අනුව අතිරේකව මාරු කළ මුදල රු.මිලියන 1,030කි.

කෙසේ වුවද, පසුගිය වර්ෂ කිහිපය තුළ ජනාධිපති වැය ශීර්ෂයේ වියදම් සලකා බැලීමේ දී ඉතාම අත්‍යවශ්‍ය වියදම් ප්‍රමාණයක් පමණක් මෙම වැය ශීර්ෂය යටතේ 2015 වර්ෂය තුළ දරා ඇත.

එම වැය ශීර්ෂයේ වියදම 2013 දී රු. මිලියන 8,332.6 ක් වූ අතර 2014 දී එය රු. මිලියන 10,146.7ක් විය.

එහෙත් 2015 වර්ෂය සඳහා සියලුම මාරුකිරීම් සහිතව වෙන්කර ඇත්තේ රු.මිලියන 3,597.5කි.

එයින් 2015 අගෝස්තු 31 දින වන විට වාර්තා වී ඇති සත්‍ය වියදම රු. මිලියන 1,786.3කි.

One thought on “ජනපති වැය ශීර්ෂයේ ඇත්ත කථාව මෙන්න..!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *