ඉදිරි කාලයේදී රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට වන ව්‍යාපාරික විශ්වාසය මේ වනවිට මෑත කාලයේ වාර්තාවූ ඉහළම මට්ටමට ලගා වී ඇති බව ප්‍රකට ව්‍යාපාරක සගරාවක් වන LMD සගරාව කියයි . ජනමත සමීක්ෂණයක් මගින් ඔවුන් සකස් කරන නීල්සන් දර්ශකයේ අගය පසුගිය මාසයේ 204ක් ලෙස වාර්තා වී ඇත . මීට පෙර වාර්තා වූ වැඩිම අගය වන 194 වාර්තා වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ දී ය . මෙම දර්ශකය 200 ඉක්මවා යාම ව්‍යාපාරික විශ්වාසයේ වැදගත් කඩයිමක් පසුකිරීමක් බව සගරාව කියයි.
LMD සගරාව සමීක්ෂණයට සම්බන්ද කරගත් අය අතුරින් හතරෙන් තුනක්ම කියා ඇත්තේ ඉදිරි මාස දොළහේදී ආර්ථිකයේ විශාල වර්ධනයක් සිදුවන බවයි .වැඩි වෙනසක් නොවනු ඇති බව කි සංඛ්‍යාව සියයට විස්සකට ආසන්නය .ආර්ථිකය අයහපත් වනු ඇතැයි කියා ඇත්තේ සියයට හතක තරම් සුළු පිරිසකි .
මෙම ව්‍යාපාරික විශ්වාසයට හේතුව ජාතික රජයක් බිහිකිරීම බව සගරාවේ අදහසයි .එසේ වුවද මෙම විශ්වාසය දිගට පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශේෂයෙන්ම ආර්ථික ක්ෂේත්රයේ තම පොරොන්දු ඉටු කළ යුතු බවද සගරාව කියයි .
LMD සගරාව ඊයේ (9 දා ) වෙළද පොලට නිකුත් වීය .