• Thu. Feb 2nd, 2023

මචන් ගඩාෆී මාත් බේරුනේ අනූ නමයෙන් තමයි.

ahinda with gadafi

තුන්වේල අමාරුවෙන් කන මිනිස්සු ඉන්න මේ රටේ අපිට විහිළුවලින් අඩුවක් නැත. එය බඩපිරෙන්න සැමට ලබෙයි. ඒකට tax නැත, ගෙවීම් නැත. සතුටට හෙතුවෙන්න විහිළු සපයන්න ලොකු පොඩි භේදයක් නැත, පාට මාධ්‍යද අඩුවක් නැතුව ධාවකයෙක් විදියට පොල්ල අතට අරන් දිව්වා. ටික දුරක් දුවල තව එකෙක්ට අතට දෙනවා, වෙන එකෙක් අරන් දුවනවා. අපුරු විහිළු කතන්දර ටිකක්. ගිය මාසේ අපිට web වල FB එකේ දකින්න අහන්න ලෑබුන ලොකුම විහිළුව උනේ පුංචි සේයගේ ඝාතනයට පොලිසි වැරදිකාරයෝ අල්ලපු විදිය. අපේ පොලිසිය ගැන කියන අපුරු කතාවක් මට මතක් වෙනවා. ඒ තමයි ලෝකේ
හොදම පොලිසිය තෝරන තරගේකට අපේ රටෙන් ගිය රාළහාමිලට තිබ්බේ කැලේකට අතෙඇරිය හවෙක්ව අල්ලන් එන්න. අපේ රාළහාමිලා තඩි වලහෙක් අල්ලන් ඇවිත් විනිශ්ය මණ්ඩලය ඉස්සරහ වලහට තඩි බෑවේ කියපන් උබ හාවා කියල. ගුටියට බියට පත්වූන වලහ ගහන්න එපා බුදු සර් මම හාවා මම හාවා කිවේය. දැක්කනේ අපි හාව හොයාගත්ත, අපිට සම්මාන දෙන්න කියුවේය. මේ කතාවට වෙනස්ද කියල ඔබ හිතන්න අර පාසල් සිසුවාට පොලිසිය කරපු දේ. අදටත් මිනි මරුවා කොන්ඩයද කොන්ඩයගේ අයියද වෙන එකෙක්ද නොදනී. ඒත් අර අහිසක පාසල් සිසුවා පනපිටින් මරල අවසන්. ඒ සම්මානය අපේ පොලිසියට ලෑබෙනවා. වන් ෂෝට් රන්ජන් අයිය රගපාපු film එකෙන් තව පොඩ්ඩෙන් සේයගේ අම්මයි තාත්තායි ඒ වලටම ගම්මු යවනවා ඔන්න ලංකාවේ හැටි.

මෛත්‍රී UN ගිය කතාවත් එක්ක තව අපුරු විහිළු කතා දෙකක් එලියට ආව. පලවෙනි එක ජනාධිපතිතුමා කෝට් දාල එකේ ෂර්ට් එක උඩින් දාල ඒ ෂර්ට් එක පොඩිවෙලා. මේ කතාව FB එකෙයි NET එකෙයි කැවුන් වගේ ඒ මේ අත මාරුවුණා. මම ඒ NEWS දැක්කම හිතුනේ මෛත්‍රීගේ කොර්ට් එකයි ෂර්ට් එකයි මත අපේ රටේ ඉරණම තීරණය වෙනවා වගේ. මට පොඩි බයක් හිතුනා. කෙසේ වෙතත් මානවහිමිකම් කවුන්සිලයටවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් face book එකේ තිබ්බ ප්‍රශ්න තිබ්බේ නැත.

ඊලග ප්‍රශ්නය වුනේ දහම් ජනාධිපති තුමා එක්ක UN ගියපු කාරනෙයි. මෙයටත් මාධ්‍ය ලොකු වෙලාවක් වෙන්කරලා. මට වෙලාවකට හිතෙනවා ඇත්ත ප්‍රශ්නේ අපි අතරින් ඈත් වුනාද කියන එක සැකයි. දහම්ගේ පස්සේ දුවපු නිසා අපිට ඇත්ත ජිනීවා යෝජනාව සමජගත කරන්නත් එයට ඉඩක් ලබාගන්නත් බැරි උනා. බොහො web මාධ්‍යකාරයෝ කරේ රටට වැදගත් කරුණුවලට වඩා කුණු ගොඩවල් එක්ක සැබෑ ජාත්‍යන්තර කතිකාවතත් අපෙන් ඈත්වුනා. දැන්වත් අපි තේරුම් ගන්න ඕනේ අපේ රටේ අනාගතය තීරණය කරන්නේ ඇමරිකා ගිය දහම්වත් ජනාධිපතිතුමාගේ කෝට් එකවත් නෙවෙයි කියන කාරනේ. ඒ නිසා පුහු කාරණාවලට මාධ්‍ය භාවිතයෙන් ඈත්වීම ජානාධිපතිතුමාට ලංකාවට ආව දවසෙම ජාත්‍යන්තර ජයග්‍රහණ ගැන සහ දේශපාලන අනාගතය ගැන මාධ්‍ය සාකච්චාවක් කැදවා තිබුනා. විනාඩි 45ක් පමනවූ ජනාදිපති තුමාගේ ප්‍රකාශය තුල බොහො කරුණු ඉදිරිපත් උනා ඒ කතාව තුලත් ජනාධිපති අවසානයේ උස්සන් දුවන්න ගත්තේ ජනාධිපතිතුමා කියු අවුරුදු 47ක් ආඥදායකු වූ ගඩාෆි මහත්තයාගේ කරට අත දගත්තා යන කතාවයි. ඒ කියන්නේ ගඩාෆි මචන් කරගත්ත වරද මෛත්‍රී එතැනදී පෙන්නා සිටියා.

අවසනට සිදුවුනේ මහින්ද රාජපක්ෂ මහතා උත්තර දෙන්නත් තෝරාගත්තේ ගඩාෆි ගැන කියපු කතාවට විතරයි. ඒකෙන් අපිට හිතන්න පුළුවන් මහින්ද මහත්තයට ජනාධිපතිතුමා කල අනික් සියලු චෝදනා ඇත්ත බවත් බේරගන්න ඉතුරු උනේ තමන්ගේ යාලුවා මචන් ගඩාෆි බවත්.

මාධ්‍ය වෙත අදහස් පලකල මහින්ද මහතා ප්‍රකාශ කලේ මම ගඩාෆිගේ කරේ අත දැම්මේ නෑ. ගඩාෆි තමයි මගේ කරේ අත දාගත්තේ මෛත්‍රීට පිස්සු සාක්කි සහිතව ගඩාෆි ෆොටෝ එකක් එක්ක මෙහි කතාව එලියට ගෙන අවේ මෛත්‍රීට වැරදුන විදිය පේන්නන්න. කතාව ඇත්ත අපිටත් ඒ ෆොටෝ එක දැක්කම ජනාධිපති තුමා නාගෙන තිබෙන බවත් මහින්ද මහත්තයා කන පැලෙන්න උත්තරයක් ජනාධිපතිතුමාට දී ඇති බවත් පැහැදිලි විය.

ඒ සමගම ගඩාෆි මේ රට ත්‍රස්තවාදයෙන් බේරගන්න එක කෝල් එකට US ඩොලර් මිලියන 500ක් එවුවේ නැත්තන් අපේ රට අද බේරෙන්නැති බව මහින්ද මහත්තයා සිංහල බෟද්ධයන්ට දැනෙන්න ඒ වටින අතීතය මතක් රටක හිටපු ජනාදිපතිවරයකු විදියට මහින්ද මහතා හිතට ගත්තේ කරට අත දැම්මේ මම නෙවෙයි ගඩාෆි කියන කතාව පමණයි. අපි අහල තියෙනවා බල්ලෝ එක්ක නිදිය ගත්තම ගැගිටින්න වෙන්නේ බලු මෙක්කෝ එක්ක මේ කතාවේ ඇත්තටම මිනිස්සු බල්ලෝ එක්ක නිදියලත් නැහැ. ඇත්ත මැක්කෝ එක්ක එක්ක නගිටලත් නැහැ. නමුත් අපි දන්නවා මෙහි අර්ථය. හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික තිනවා කියුවොත් අපිට තර්ක කරන්න බැ මගේ ලග කිල්ලෝටයක් නෑ ඒ නිසා නිසා හුණු නෑ කියන තර්කය ගෙන්න බැ. මහින්ද මහත්තයා ගත්තෙත් උඩට පෙනෙන කතාව පමණි ජනාදිපති තුමා කියපු කතාවේ යටි අර්ථය මහින්ද මහත්තයාට තේරුම් ගන්න බැරි වීම බැරිවිම ලොකුම විහිළුවකි ජනාදිපති තුමා කියුවේ. අපි දැක්කේ මහින්ද මහත්තයා ගඩාෆිගේ කරට අත දාගෙන ඉන්න ෆොටෝ එක ගැන නෙවෙයි ගඩාෆි වගේ ඒකාධිපතියෙක් සමග හොද මිතුරෙක් ලෙස ලෝකයට පෙන්වූ සම්බන්දය බව මහින්ද තෙරුන්ගන්නකොට පරක්කු වැඩියි. ඒ වනවිට මහින්ද මහත්තයාගේ පටු තර්කය සමාජ ගතවී අවසානයි.

මිලියන 500ක් ගඩාෆි විසින් ලබා දීම සහ එය ගැනීම කොයි වගේද අපේ රටට බලපෑවේ කියන කාරණය අද අපිට හැරිලා බලන්න පුළුවන්. ජීවිතේ මිනිස්සුන්ට හිගා කන්න සිදුවෙන අවස්ථාවල් එනවා හැබැයි කාගෙන්ද අපි හිගා කන්නේ කියන එක ගැනත් දෙපාරක් සිතිය යුතුය. මොකද හේතුව නොසිතු මොහොතක අපට එය වමාරන්න සිදුවන නිසා. අද සල්ලි දෙන්න ජනාධිපති තුමාට වෙලේ සුදා උනත් කැමති ඇති ඇවන් ගාර්ඩ් සමාගම කොටි ගනනින් වූනත් අගමැති තුමාට සල්ලි දෙන්න අද කැමති ඇති. මහින්ද මහත්තයට උදව් කරපු බොහො කළු සල්ලි තියෙන ව්‍යාපාරිකයන් මෛත්‍රීපාල ජනාධිපති තුමන්ට සල්ලි දෙන්න කැමති ඇති. ජනාධිපතිතුමා ඉල්ලුවොත් එක කෝල් එකෙන් බිලියන ගණනින් මුදල් ලබා ගැනීම ඉතා පහසු දෙයකි. නමුත් වෙලේ සුදාගෙන් ඔබටවත් මටවත් දේශපාලකයෙකුටවත් ජනාධිපති තුමාටවත් මුදල් ගත හැකිද. වෙලේ සුදාගෙන් මුදල් ලබාගත් එක දේශපාලනිකයකු කිවේ ඔහු කුඩු විකුණන කෙනකු බව මම දැනගෙන සිටියේ නැති බවයි. මහින්ද මහත්මයා මචං කරගත් ලිබියානු ජනාධිපති ගඩාෆි තම ක්‍රියාවන් සහ හැසිරීම් මත ලෝකය තුල හන්වඩු ගැසී තිබුනේ පොල්පොට්ලා, හිට්ලර්ලා, ඉඩිඅමින්ලා,සදාම් හුසේන්ලා ගේ කුලකයටයි.

මහින්ද මහත්තයා ඩොලර් මිලියන 500ක් ලබා ගන්නෙත් මචං ගඩාෆි සම්භාන්ධතාවය පවත්තන්නෙත් ලෝකයෙන් කොන් කල නායකයකු සමගයි.ගඩාෆි තම රටේ ජනතාවට කරපු හොද නරක දෙකම තියෙනවා, අපේ වාසියට ගඩාෆිගේ හොද වැඩ ටික පමණක් හිතට අරන් අපේ අවශයතාවයට ගඩාෆිගේ කළු සල්ලි සුදු විදිහට බලන්න උත්සාහ කරනවානම් වෙලේ සුදාගෙන් සල්ලි ගත්ත දුමින්ද මහත්තයටත් ඒ සල්ලි සුදුයි කියන්න රටක ජනාධිපති වරයෙකු මුලින්ම සිතිය යුත්තේ සමස්ත ලෝකයේ බහුතර ජනාධිපතිවරුන් පිළිගන්නා නායකයන් සමග තම රාජ්‍ය සබදතා පවත්වා ගතයුතු බවයි. බහුතරය ප්‍රතික්ෂේප කල රාජ්‍ය නායකයන් මචං විදියට කරට අපි අත දාගන්නවනම් කවදා හෝ දවසක එහි පල විපාක මුළු රටටම සමස්ත ජනතාවටම විදින්න වන බව ඔහු දැනගත යුතුය. මහින්ද මහතා නිසාත් ඔහුගේ වැරදි මචං සංකල්පය නිසාත් සැබෑ ලෝක බලවතුන්ගෙන් අපි කොන් වුනේ වෙලේ සුදා වගේ පසුබිමක් ඇති රාජ්‍ය නායකයන් සමග කටයුතු කිරීමෙනි.

සමබරව හිතන අපි මහින්ද මහත්තයාට කියා සිටින්නේ තමා අතින් සිදුවූ අධුරදර්ශී මෝඩ ක්‍රියාකාරකම් හරි යයි සමාජගත කරන්නට උත්සාහ නොගෙන තමන් අතින් සිදුවූ වැරදි වැරදි ලෙසත් පිළිගෙන අදවත් සමාජය ඇන්දවීමේ සංකල්පයෙන් තොර වුනොත් ඔබටත් ඔබේ වටේ ඉන්න උදවිය ඔබව අන්දවන බව ඔබට තේරුම් ගන්න ගණ දෙවියන් ඔබට නුවණ දෙනු ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති 30 වසරක යුද්ධයෙන් අපේ රට මුදවා ගන්නට ඔබ ලබාදුන් දේශපාලන නායකත්වය සදා අමරණීයයි. එයට හිස නමා අපි ඔබට ආචාර කරනවා. හැබැයි දේශපාලන ලෝකය තුල මෛත්‍රීපාල සිරිසේන නම්වූ නිහඩ දේශපාලකයා පරාජය කිරීමට ඔබ සිතනවානම් කිසිම විටෙක ඔහු සමාජ ගත කරන සංකල්ප සහ තීරණ මතු පිටින් නොබලා අභ්‍යන්තරයෙන් සහ ගැබුරෙන් අධ්‍යනය කරන්න හේතුව ඔබ දාන් අදින විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අදින්නේ චෙස් බැවිනි. එම නිසා අදින් පසුව ගඩාෆි මගේ මචං යන කතාව අදින් අපි නවතා ගනිමු.

 

(සෑම්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *