පසුගිය ආණ්ඩුව මගින් සිදුකළ වංචා දූෂණයන් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් කොට ඇතත් ඒ සදහා වන කාර්යංශය පිහිටුවා ඇතත් කිසිවෙකුත් මේ ආණ්ඩුවෙන් ඒවාට යුක්තිය ඉටු වේ යැයි බලාපොරොත්තු තබා නොගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත සදහන් කොට සිටී.
ඊයේ (09) පැවැති උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේ මේ ආණ්ඩුව පත්වීමටත් පෙර සිටි යහපාලනය ගෙන ඒ යැයි බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් රාජපක්ෂ පාලනය විසින් සිදුකළ වංචාවන් හා දූෂණයන් සම්බන්ධයෙන් පැමිණිලි කළ බවත් ඒ සදහා පිහිට වූ මූළ්‍ය අපරාධ කොට්ඨාසයට ඒවා භාරදුන් බවත්ය. එහෙත් මෙවැනි පැමිණිල දහස් ගණනක් මේ වනවිටත් විමර්ශණය කොට අදාළ මුළ්‍ය අපරාදයෙන් පොලිස්පතිවරයාට හා නීතිපතිවරයාට නිර්දේශ බලාපොරොත්තුවෙන් භාර දී ඇතත් මේ වන තෙත් ඒ කිසිදු වාර්තාවක් අධිකරණය හමුවට පමුණුවා ලීමට මොවුන් කටයුතු කොට නොමැති බවද සදහන් කොට සිටියේය.
එහිදී ඔහු අවධාරණය කොට සිටියේ ඒ දෙදෙනාගෙන් අදාළ වාර්තාවන් නොලැබීමට නම් ආණ්ඩුවේ ඉහල බලයක් සහිත තැනැත්තෙක් හෝ පිරිසක් එය වළක්වා ඇති බවයි. ඒ අනුව මේ ආණ්ඩුව විසින් කිසිදු දවසක හිටපු ආණ්ඩුවේ කිසිවෙකුට හෝ දඩුවම් නොකරන බවද ඔහු අවධාරණය කොට සිටියේය.