ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසේකරම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මොහු අත්අඩංගුවට ගත් බව ය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා තමා එහි පැමිණි බවත් කුමන කරුණක් සඳහා තමන් කැඳවූවේ ද? යන්න තමන් නොදන්නා බව ද පිල්ලෙයාන් ඇතුළු වීමට ප්‍රථම මාධ්‍ය වෙත සඳහන් කර සිටියා.
ජෝසෆ් පරරාජසේකරම් මහතා වෙඩි තබා ඝාතනය කෙරුණේ, 2005 වර්ෂයේදී ය.