මරණ දඩුවම ක්රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා වන ජගත් සංවිධාන යෝජනාවට සහාය පළ කිරීම සඳහා ශ්රී ලංකාව ගෙන ඇති තීරණය පිළිබඳ යුරෝපා සංගමයේ ප්රසාදය පළ වී තිබේ.
යුරෝපා සංගමයේ රටවල් වන නෝර්වේ සහ ස්විට්සර්ලන්තය සියලූ අවස්ථාවන්හිදී මරණ දඬුවමට එරෙහි වන බවයි කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත්තේ.
එම සංගමය පෙන්වා දෙන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් වන ජීවත්වීම සඳහා පවතින විශ්ව අයිතිය උල්ලංගණය කිරීම නොමනා බවයි.
එබැවින් මරණ දඬුවම කාලෝචිත නොවන බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.
ආපසු හැරවිය නොහැකි මරණ දඩුවම හේතුවෙන් අපරාධ අඩු වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ශ්රී ලංකාවේ තීරණය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් යුරෝපා සංගමය සඳහන් කර ඇත.
(දිනමිණ)