නව රජයෙන් අපේක්ෂා කළ අරමුණු තවමත් ඉටු වී නොමැති බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (10) මහනුවරදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියා.
තවමත් ඇතැම් රාජ්ය ආයතනවල දූෂිත කි්රයා සිදුවෙමින් ඇති බව ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.
2010 ජනාධිපතිවරණයෙන් පසු දින රනිල් වික්රමසිංහ, කරූ ජයසූරිය, රවී කරුණානායක යන මහත්වරු සිය නිවසට පැමිණ එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස ඉල්ලීමක් කළ බවද ඔහු මෙහිදී හෙළි කරනු ලැබුවා.
එමෙන්ම මෙවර මැතිවරයේදීත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද දුරකතනයෙන් අමතා සන්ධානගතවන ලෙස ද පැවසු බවද, එහෙත් ප්රතිපත්තිගරුක තීන්දුවක් ගෙන එය ආරක්ෂා කිරීම සඳහා තමන් මේ සියලු ආරාධනා ප්රතික්ෂේප කළ බවද ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසී ය.