• Fri. Feb 3rd, 2023

ෂේන් වෝන් නම් කරපු හොඳම ශ‍්‍රී ලංකා කණ්ඩායම.

shane warn named sri lanka cricket

තමන් ක‍්‍රීඩා කළ වසර 25ක කාලය තුළ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයින් අතරින් තමන් කැමතිම කණ්ඩායම, ඔස්ට‍්‍රේලියානු හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන් නම් කර තිබේ.

එම කණ්ඩායම මෙසේය.

මාවන් අතපත්තු
සනත් ජයසූරිය
අසංක ගුරුසිංහ
කුමාර් සංගක්කාර (කඩුලූ රකින්නා)
අරවින්ද ද සිල්වා
මහේල ජයවර්ධන (නායක)
තිලකරත්න ඩිල්ෂාන්
චමින්ද වාස්
ලසිත් මාලිංග
මුත්තයියා මුරලිදරන්
නුවන් සොයිසා

මෙම කණ්ඩායමට හිටපු නායක අර්ජුණ රණතුංග ඇතුළත් නොකිරීම විශේෂත්වයක් වන අතර ෂේන් වෝන් ඒ පිළිබඳව හේතු දැක්වීමක් කර තිබේ.
ඔහු පවසා ඇත්තේ, අර්ජුණ රණතුංග විශිෂ්ට ක‍්‍රීඩකයෙකු වුව ද පිතිකරුවෙකු ලෙස සාර්ථක නොවූ බවය.

ඊට අමතරව, ඇන්ජලෝ මැතිව්ස් සමග ක‍්‍රීඩා කර නොතිබීම නිසා ඔහු ඊට ඇතුළත් නොකළ බව ද ෂේන් වෝන් සඳහන් කර තිබේ.

warnes-team

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(කුමුදු ජයවර්ධන)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *