• Fri. Feb 3rd, 2023

අත්අඩංගුවට පත් වෘත්තීය සමිති නියෝජිතයින් නිදහස්.

poster vman

රාජ්‍ය, පෞද්ගලික, වතු කෂේත‍්‍රවල වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකිරීම, වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ඊයේ (12) රාත‍්‍රියේ පෝස්ටර් අලවමින් සිටි වෘත්තීය සමිති නියෝජිතයින් දෙදෙනෙකු කඩවත පොලිසිය අතඩංගුවට ගෙන ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් විරෝධය පලකරන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙසින් සියළු වැඩකරන ජනතාවට අදාලව මෙම පෝස්ටර් ව්‍යාපාරය සිදු කළ බවද එයට බාධා කිරීම සඳහා කිසිදු නීතිමය ඉඩක් නැති බවද පවසා සිටී.

රට තුල වන යම් යම් සිදුවීම් සඳහා පොලිසියේ මැදිහත්වීම සම්බන්ධව පසුගිය කාලය පුරා ජනතා දෝෂදර්ශනයට ලක්වූ අවස්ථා ඕනෑතරම් තිබෙන බවද මෙවැනි අත්තනෝමතික ක‍්‍රියාවන් මගින් පෙන්වනුයේද පොලිසියේ එවැනි ජනතාවට සමීපවීමේ ඉඩ තව තවත් දුරස් කර ගැනීමේ පිළිවෙතක් බවද එබැවින් පොලිසියේ මැවැනි තත්වයන් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානය විසින් වර්තමාන ආණ්ඩුවේ ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්‍ෂා කරමි සිටින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කඩවත පොලිසියේ ස්ථානාධිපතිතුමන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී “මංමාවත් අණ පණතේ 56 වන වගන්ති’ ප්‍රකාරව ඔවුන් නීතිවිරෝදි ආකාරයෙන් අවසර ලබා දී නොමැති ස්ථානවල පෝස්ටර් අලවමින් සිටි බැවින් නීතිය ක්‍රියාත්මක කළ බවයි.

එහෙත් ඊයේ රාත්‍රියේම ඇප ලබා ඔවුන් පිටව ගිය බවත් ඔහු සඳහන් කරනු ලැබුවා.

ntuc_poster (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *