• Fri. Feb 3rd, 2023

ෂෙවාන් ඩැනියෙල්ට දුර්ලභ අවස්ථාවක් හිමිවේ.

Chevaan Daniel.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී හෙට (ඔක්තෝබර් 14) සිට 16 වන දා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානුෂවාදී කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ලෝක මානුෂවාදී සමුළුවේ ගෝලීය උපදේශන සැසිය මාධ්‍යවේදී ෂෙවාන් ඩැනියෙල්ට මෙහෙයවීමේ වගකීම හිමිව තිබෙනවා.
මෙම ගෝලීය සමුළුවේ අරමුණ වනුයේ, ආපදා තත්ත්වයන් සඳහා සූදානම් වීමේදී සහ ඒවාට මුහුණ දීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම යි.පෞද්ගලික අංශය විසින් දැනට මානුෂවාදී කටයුතුවලට අදාළව ලබා දී ඇති උපදේශන, නිර්දේශ ලෙස ක්‍රියාත්මක වන්නා වූ ක්ෂේත්‍ර පරීක්ෂාවට බඳුන් කිරීම ගෝලීය සමුළුවේ අරමුණුවලට ඇතුළත් වේ.එම ප්‍රයත්නයන් අනාගතයට බලපාන ආකාරයට හැඩ ගස්වා ගන්නා ආකාරය පිළිබඳව ගෝලීය සමුළුවේදී අවධානය යොමු කරනු ඇත.

සමුළුවේ ප්‍රතිඵල ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා වෙත භාර දීමට නියමිත අතර, එම වාර්තාව පදනම් කර ගනිමින් ලෝක මානුෂවාදී සමුළුව 2016 වසරේ මැයි මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *