ජිනීවා ප්රශ්නය පටන් ගත්තේ ද වර්ධනය වුණේද රාජපක්ෂ පාලන කාලය තුළ බවත් එය යුද්ධය අවසන් වන විට තුවාලයක්ව තිබුණු එම ප්රශ්නය වණයක් බවට පත්කළේ ද රාජපක්ෂ ආණ්ඩුව බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති දේශනයකදී පැවසීය.
‘ජිනීවා ඊයේ, අද සහ හෙට‘ නමින් සංවිධානය කරන දේශන මාලාවේ ප්‍රථම දේශනය අද පැවැත්විණි.
ජිනීවා ප්රශ්නය නිර්මාණය කර එය උග්‍ර කර ජාත්‍යන්තර අර්බුදයක් බවට පත් කළ සැබෑ වගඋත්තරකරුවන් දැන් පාවා දුන්නෝ පාවා දුන්නෝ යනුවෙන් කෑගසන බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.
