පසුගිය රාජපක්ෂ සමයේ සිදුවූ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පසුව රජයේ සාක්ෂි කාරයෙක් වීමට කැමැත්ත පළ කල හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස්ට එල්ලවී තිබෙන ජීවිත තර්ජන හමුවේ ඇමති ආරක්ෂක අංශයේ තිදෙනෙකුගේ ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තා වෙනවා.
පසුගිය දූෂිත පාලනය ගැන ප්රබල තොරතුරු රැසක්ම දන්නා සජින් වාස් පසුගිය සමයේ දූෂණ වංචාවලදී එක්ව කටයුතු කළ පුද්ගලයන්ගේ උදහසට ලක්වුණා.කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය සමයේ චෝදනා එල්ල වී ඇති ප්රබල පුද්ගලයන් සියල්ලන්ටම විරුද්ධව කටයුතු කළ යුතු යැයි සිවිල් සංවිධාන රැසක්ම ඊයේ දිනයේ සහ පෙරේදා දිනයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන හමුවේ ඉල්ලීම් කර ඇති බවද සඳහන් වෙනවා.
ඒ සඳහා සුබවාදී ප්රතිචාරයක් ලබාදී ඇති ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ ජනවාරි 8 වෙනිදා ජනතාවට දුන් පොරොන්දු තමා එලෙසින්ම ආරක්ෂා කරන බවයි.
ආණ්ඩුවේ සාක්ෂිකාරයෙක් වෙන්න යන සජින් වාස්ගේ හෙළි නොවූ කරුණු.