ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී වැඩකරන ජනතාවගේ ගැටළු 7 ක් පිළිබඳ විශේෂ අවධානයක් යොමුවූ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඊයේ (14) ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අනුබද්ධ වෘත්තීය සමිතිවල වෘත්තීය සමිති නායකයින් 91 ක් පමණ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පවත්වන ලද විශේෂ සාකච්ජාවේදී මේ අවධානය යොමුවූ බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
එහිදී වැඩකරන ජනතාවට බලපාන ප්‍රධාන ඉල්ලීම් හතක් (7) ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවද එහි වැඩිදුරටත් දැක්වේ.
*රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතු කිරීම හා රජයේ සේවකයින්ගේ දේපල ණය, ආපදා ණය, අග්‍රහාර රක්ෂණය කප්පාදුව නතර කිරීම,
* රාජ්‍ය සේවකයින් ඡන්දය භාවිතා කිරීමේදී විද්වත් ක්‍රමවේදයක් සකස් කිරීම,
* පෞද්ගලික අංශයේ රුපියල් 2500/- වැටුප් වැඩිකිරීම නීතිගත කරගැනීම,
* රු. 280/- ජීවනාංකය ගැසට් කිරීම,
* මෑන් පවර් කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කිරීම,
*වතු කම්කරු දෛනික වැටුප් සඳහා රු. 1000/- ක් කිරීම,
* වතු කම්කරුවන්ගේ ඉඩම් සහ නිවාස ප්‍රශ්ණයට විසඳුම් ලබාගැනීම යන ඒවා බවද පැවසේ.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළත් ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් සාකච්ජාවේදී ලබාගත නොහැකිවී ඇති අතර මේ සම්බන්ධව තවදුරටත් කරුණු සොයා බලා විසඳුමක් ලබාදීමට ඔහු එහිදී එකඟවී ඇතැයිද පැවසේ.