හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා.
අද උදෑසන 8.30ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත පැමිණ තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රචාරය කරන ලද දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
මීට පෙරද විමර්ශන කොමිසම හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.