“දේශපාලන සිරකරුවන් බන්ධනාගාර තුළ නැහැ. උපවාසයේ නිරතව සිටින සිරකරුවන් සම්බන්ධව තීරණය කළ යුත්තේ රජයයි. ඒ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශයට ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකියාවක් නැහැ” යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ එල්ටීටීඊ සැකකරුවන් 225 දෙනෙකු බන්ධනාගාර තුළ සිටින බවත් ඒ අතරින් කොටසකට දඬුවම් නියම කර ඇති බවත් තවත් පිරිසකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත්ය. එල්ටීටීඊ සැකකරුවන් සියලුම දෙනා බෝම්බ පිපිරවීම් සහ මිනීමැරුම් සඳහා චෝදාන ලැබුවන් බවත්ය.
එහෙත් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටියදී දේශපාලන සිරකරුවන් සම්බන්ධ ප්රශ්නයේදී දිගින් දිගටම පැවසූවේ දෙමළ තරුණ තරුණියන් විශාල පිරිසක් කිසිඳු පරීක්ෂණයකින් තොරව එල්ටීටීඊ සාමාජිකයින් යැයි සැකකර අත්අඩංගුවටගෙන වසර ගණනාවක සිට රඳවා තබා ගෙන සිටින බැවින් ඔවුන් සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
එහෙත් මේ වනවිට සිය මතය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව විජේදාස රාජපක්ෂ වැන්නවුන් බලය ලැබුණු පසු ක්‍රියාකරන ආකාරය උක්ත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.