• Sat. Jan 28th, 2023

maithripala sirisena avaunguard

ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පරීක්‍ෂණයක් ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව පැවැත්වීමට තීරණය කර තිබේ.

ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වන පරීක්‍ෂණ පිළිබඳව ජනාධිපතිවරයාට සෑහීමකට පත්විය නොහැකි නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තීරණයට එළැඹ තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දුන් මාධ්‍ය හමුවේදී සඳහන් කරනු ලැබුවේ.

ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකාවක් නිදහස් කරන ලෙස පවසමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සිදුකළ නිර්දේශය පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් සිදුකරන බවද සේනාරත්න මහතා කීය.
එම පරීක්‍ෂණ පිළිබඳව සකස් කළ වාර්තාවක් ඉතාම ඉක්මනින් කැඳවූ බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණ පැවැත්වෙනු ඇති බවත් එහිදී රාජිත සේනාරත්න මහතා කීවේය.
පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ඇවන්ගාඩ් සිද්ධියේ ඇවන්ගාඩ් සමාගමේ නීතී සහය ලබාදෙන්නේ ද රජයෑඅ අධිකරණය සම්බන්ධ ඇමති ධූරයක් දරන පුද්ගලයෙකුගේ නීති සමාගමකින් බවත් තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම පසුගිය සමයෙහි නීතිය සහ අධිකරණ යන දේංශයේම මෙන්ම රාජ්‍ය පරිපාලන සම්බන්ධයෙන් වගකිවයුතු ඇමතිවරුන් විසින් මෙම ඇවන්ගාඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එල්ල කළ බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *