ප්‍රවීණ ලේඛකයෙකු, ශාස්ත්රඥයෙකු සහ පරිවර්තකයෙකු වූ ලීලානන්ද ගමාච්චි මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.
ලීලානන්ද ගමාච්චි මහතා අධ්‍යාපන ක්ෂෙත්රයේ ඉහළ තනතුරු දරා විශ්‍රාම යාමෙන් පසු ග්රන්ථකරණයට පිවිසි අයෙකි. ග්රන්ථ 115 කට වැඩි සංඛ්‍යාවක් රටට දායා ද කළ ඒ මහතා මුල් යුගයේ පරිවර්තනය කළ ‘හරි පුදුම ඉස්කෝලෙ’ , ‘පුංචි වීරයෝ’ සහ ‘තරුණ වීරයෝ’ නම් පරිවර්තන කෘති ළමා පරපුරේ කියවීමේ රුචිකත්වය ඉහළ දමන්නට හේතු වුණා.
මිය යන විට 79 වැනි වියේ පසු වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 18 වැනි දා ඇල්දෙණියේ දී සිදුකිරීමට නියමිතයි.
