නැදැ ගෙදරක ගොස් තම පියා සමග පෙරේදා (15 ) සවස 6.00 ට පමණ නිවසට එමින් සිටියදී ඇළකින් එතෙරවීමට ගිය හත් හැවිරිදි පිරිමි දරුවකු ගල් තලාවකින් පය ලිස්සා ගොස් ඇළට වැටී අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ උදය සම්පත් සරත්චන්ද්‍ර නමැති ගම්පොළ අටබාගේ ඉහළගම පදිංචි හත් හැවිරිදි ඉහළගම කනිෂ්ට විද්‍යාලයේ දෙවැනි ශ්‍රෝණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි.
මෙම ගමට පිවිසීමට පාලමක් නොමැති නිසා ඇළ හරහා යැමට ගම්මුන්ට සිදුව ඇති අතර මේ දිනවල ඇළේ සැඩ පහරද වැඩි බව පොලිසිය පවසයි.
ඉහළගම ගමේ පවුල් අසූවක් පමණ ජීවත් වන අතර ගම්මුන්ට ගමට යැමට නම් ඇළට බැස ගල් තලා හරහා යා යුතුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පෙරේදා (15 දා) සවස දරුවා ඇළට වැටී ගසාගෙන ගොස් තිබූ අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව ඊයේ (16 දා) පෙරවරුවේ මළ සිරුර සොයාගෙන ඇත.
සිද්ධිය පිළිබඳව ගම්පොළ පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
(සුරංග දිල්හාන්)