• Tue. Feb 7th, 2023

ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්ට කට්ටෙන් එකම විදියට ලේ එනතුරු අත සූරාගෙන.

school girlsin sri lanka

කහටගස්දිගිලිය රත්මල්ගහවැව ප‍්‍රදේශයේ විදුහලක අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස් දෙදෙනකු පෙරේදා (15 දා) පාසල් වේලාවේදී හැට්ට කටුවකින් සිය වම් අත් ලේ ගලන තුරු සූරාගෙන තුවාල සිදු කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.

එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් මෙලෙස එකම ආකාරයට අත් සූරාගෙන ඇති අතර, ඒ අනුව ඊට බලපෑ කාරණය හෙළි කර ගැනීමට එම නිලධාරීන් පරීක්ෂණයක් සිදු කර ඇත.

අනාවරණය වී ඇති තොරතුරු අනුව මැදවච්චිය නගරයේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වන පේ‍්‍රම සම්බන්ධතාවක් පරාජිත වූ එම විදුහලේ ඉගෙනුම ලබන සිසුවියක් මුලින් මෙම ක‍්‍රියාවට මුල්වි ඇති බව ප‍්‍රකාශ වේ.

ඇය සිය වම් අතෙහි පේ‍්‍රම පුරාණය සිහිවීමට හැට්ට කටුවකින් සූරා පේ‍්‍රමයේ මතක සටහනක් තබාගෙන ඇති බවත්, ඒ අනුව අනෙකුත් සිසුවියන්ද එම ශිෂ්‍යයාව අනුකරණය කරමින් සිය වම් අත් ලේ ගලනතුරු හැට්ට කටුවකින් සූරාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

මේ අතර මේ පිළිබඳ තොරතුරු දැනගත් වහාම එම විදුහලේ විදුහල්පතිවරයා සිද්ධියට සම්බන්ධ සිසුවියන් කැඳවා ඔවුනට තරයේ අවවාද කර ඇත.
(පර්සි කුරුනේරු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *