රුපියල් කෝටි දොළහ හමාරක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේ එම වැටලීම සිදු කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වැටලීම් අංශ නිලධාරීන් කිහිප දෙනාගේ සේවය දැඩි ඇගයීමකට ලක් කර ඔවුන්ගේ සේවය තවදුරටත් දිරිමත් කිරීමට යම් දෙයක් කරන ලෙසට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය පැවසුවාය. අදාළ නිලධාරීන් කණ්ඩායම සති තුනකට වැඩි කාලයක් එම රේගු නිලධාරීන් පසුපස යමින් ඔවුන් අල්ලස් දැලට හසු කැර ගැනීමට දැඩි කැපවීමකින් ක්රියාකළ බව ද ඇය සඳහන් කළාය.
එමෙන්ම වැටලීම් කණ්ඩායම බාරව කටයුතු කළ පොලිස් පරීක්ෂක ගාමිණී අබේසිංහ මහතාට සැකකරුවන් කොටුකැර ගැනීමේ මෙහෙයුම සිදුකිරීමට තිබූ දිනයේදීම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට යැවීමට පොලිස් නිලධාරීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට මුහුණදිය යුතුව තිබූ බවත්,ඒ පිළිබඳව ගැටලුවක් පැන නැගුන අවස්ථාවේ පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා සම්මුඛ පරීක්ෂණය ඉවත දමා වැටලීම සිදුකිරීමට තීරණය කළ බව සඳහන් කළ අධ්යක්ෂ ජෙනරාල්වරිය පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි රාජකාරී කැපවීම් ඇගයීමට ලක් කළද අල්ලස් කොමිසම තුළ මෙතෙක් එවැන්නක් ක්රියාත්මක වී නැති බවත් සඳහන් කළාය.
වැඩි දුරටත් එහිදී අදහස් පළ කරමින් ඇය කියා සිටියේ රේගු නිලධරයින්ට අල්ලස් ලෙස ලබාදීමට අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම මුදල් සොයාගත්තේ තමාගේ නමින් රාජ්ය බැංකුවකින් ලබාගත් නිවාස ණයක් ආධාරයකින් බවත් බැංකු නිලධරයින්ද තමා කෙරෙහි විශ්වාසය තබා එම මුදල ලබාදුන් බවත් කිසිවෙකුට නොහැගෙන සේ සූක්ෂ්මව සැළසුම කි්රයාවට නංවා වැටළීම සිදුකළ බවත් ඇය කීවාය.
අල්ලස් ගැනීමට තැත් කරන සියලූ රාජ්ය නිලධරයින් මෙම සිදුවීම ආදර්ශයට ගෙන ඔවුන්ගේ පිළිවෙත් වෙනස් කරගත යුතුව ඇතැයි ඩයස් මෙනෙවිය අනතුරු ඇගවූවාය.
රාජ්ය කොමිසම් සභාව ද, මෙම මෙහෙයුම කි්රයාත්මක කිරීමට පූර්ණ සහය ලබාදුන් බවද ඇය පැවසුවාය.