අනාදියේ සිටම අපේ රටේ පුරවැසියන් හැමදාමත් ආගන්තුක සත්කාරයට ප්රසිද්ධයි.එය වඩාත් තහවුරු වෙන කාරණය නම් රොබට් නොක්ස් නම් විදේශික කතුවරයා පවා ඔහුගේ “එදා හෙළදිව” ග්රන්ථයෙන් ශ්රි ලාංකික අපගේ ආගන්තුක සත්කාරය ඉතා ඉහළින් වර්ණනා කොට තිබීම දැකිය හැකියි.
එදා සිට අද දක්වාම ලෝකයේ ඉහළම තැනක් හිමිවූ අපේ රටේ ආගන්තුක සත්කාරය ගැන වඩාත් අර්ථවත්ව පහදා දීමට මෙවර 2015 Miss International තරඟාවලියට ලංකාව නියෝජනය කරමින් සහභාගීවන “ඇන්ජෙලා ජයතිස්ස” උත්සහගෙන තිබෙනව.
මෙම තරඟාවලිය පැවැත්වෙන සමයේ දී සිය කාමරය බෙදාගන්නා ස්වීඩනය නියෝජනය කරන රූප සුන්දරිය කාමරයට පැමින නොසිටි බැවින් ඇය පැමිණීමට රෑ වෙන බැවින් තමාට ඊට ප්රථම නින්දට යාමට සිදුවන බැවින් ඇය නියම ශ්රී ලාංකිකයෙකු වශයෙන් ස්වීඩනයේ රූපසුන්දරියව පිළිගැනිීගෙන තිබෙනවා.ලෝකය තුළ අපේ රට බැබළවීමට උත්සහ ගන්නා මෙවන් සැබෑ ශ්රී ලාංකියන්ව අගයකිරීම අප කළයුතුම දෙයකි.
https://www.facebook.com/angelarichardsl/photos/pb.520171581333860.-2207520000.1445243326./1076749175676095/?type=3&theater
ඇය සහ ඇගේ ස්වීඩනය නියෝජනය කරන මිතුරිය
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්,