• Mon. Feb 6th, 2023

චන්දිමට සහ අනෝමාට කෝටි 6ක සැප වාහන 2ක්‌

 

chandima and anoma
යහපාලන රජයේ ඛනිජ තෙල් කර්මාන්ත හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතාගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියගේ පරිහරණය සඳහා රුපියල් ලක්‍ෂ හයසියකට (කෝටි 6 කට) ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක්‌ ආනයනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හෙවත් සී. පී. එස්‌. ටී. එල්. ආයතනයේ මුදල් යොදවා මෙම සුඛෝපභෝගී වාහන දෙක මිලදී ගැනීම සඳහා හදිසියේ පිහිටවූ තාක්‍ෂණික කමිටුවේ සහ නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ද අනුමැතිය ලබාගෙන ඇත.

පසුගිය රජයේ ඇමැතිවරුන් පරිහරණය කළ KI 2091, KI – 0786 ,KD – 2399, KH – 4355 යන අංක සහිත මොන්ටේරෝ රථ හතරක්‌ හා KD – 4078 දරන අංකය සහිත BMW රථයක්‌ තිබියදී රුපියල් කෝටි හයසියයකට ආසන්න සුඛෝපභෝගී රථ දෙකක්‌ මිලදී ගැනීමට යැම අපරාධයක්‌ යැයි අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.

රාජපක්ෂ රජයේ කොන්ත්‍රාත්තු භාර ගනිමින්, කොළඹ නගර අලංකරන ගල් ඇල්ලීමේ වැඩසටහනද සිදු කළේ අනෝමා ගමගේ ඇමතිතුමියගේ සැමියා වූ දයා ගමගේ ඇමතිතුමාය.
පසුගිය රජයේ නියෝජ්‍ය කථානායකවරයා වූ චන්දිම වීරක්කොඩි රාජපක්ෂ රජයේ වැරදි වලට සුදු හුණු ගාමින්, මහින්ද රාජපක්ෂගේ ප්‍රබල සට්ටැඹියෙකු වූ අතර ඔවුන් මෙලෙසින් ක්‍රියා කිරීම අරුමයක් නොවන්නේ යහපාලනයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කල පුද්ගලයෙක් නොවන නිසා බව සිතා ගටහ හැකිය.එහෙත් මෙවැනි පුද්ගලයන් හට පොදු ජනතාව ඉමහත් කැපවීමකින් යහපාලන රජය පිහිටුවා ගනු ලැබුවේ කුමක් අරමුණු කොටගෙනද යන්න තේරුම් කරදීම ඉතා අත්‍යවශ්‍යය කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *