කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි දුනේෂ් ප්රියෂාන්ත හෙවත් කොණ්ඩයා නිදහස් කරන ලෙස නියෝග කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා කොණ්ඩයාගේ සහෝදරයා සමන් ජයලත් නොවැම්බර 2 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සේයා ඝාතනය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා පරිවේෂනීය සාක්කි ඔස්සේ විමර්ශන කළ බවත්, ඒ අනුව මෙම නඩුවට කොණ්ඩයා අදාළ බව තහවුරු වී නැති නිසා ඔහු නිදහස් කරන මුදා හරින ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට වරෙන්තු වී සිටින බැවින් ඔහු එම අධිකරණ වෙත ඔහු ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාරයට නියෝග කරන ලෙස ගම්පහ පොලිසිය සහ වේයන්ගොඩ පොලිසිය ඉල්ලීමක් කළේය.
ඒ අනුව සේයා ඝාතන නඩුවෙන් දුනේෂ් ප්රියෂාන්ත මුදා හරින බව කී මහේස්ත්‍රාත් එම නඩු දෙක සඳහා ඔහු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරමින් එතෙක් රිමාන්ඩ් කළේය.
මීට පෙර පාසල් සිසුවකු හා කැළුම් නිශාන්ත නම් එක්දරු පියකු ද කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දින 12ක් රිමාන්ඩ් බාරයේ සිට නිදහස් විය.
