හිටපු ඇමති විමල් වීරවංශ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බාර ඇමැතිවරයාව සිටියදී එම සංස්ථාවට අයත් හොරණ ගලපාත පිහිටි ඇස්පෝල්ට් නිෂ්පාදනාගාර වැඩ බිමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී රුපියල් මිලියන 27 කට අධික හෙවත් රුපියල් කෝටි දෙක හමාරකට අධික මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සන්දහන් කරන බව මාධ්‍ය වාර්තා සන්දහන් කරනවා.
මේ මහා මූල්‍ය වංචාව ගැන සොයා වග කිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ සභාපති නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ අත්සනින් වත්මන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කර ඇති ලිපියක සඳහන් වන්නේ.
වීරවංශගේ පාලනයේදී මෙම වංචාව සිදුකර ඇත්තේ එම වැඩ බිමට අවශ්‍ය ඩීසල්, බිටුමන්, මෙටල් හා ගල්කුඩු මිලදී ගැනීමේදී ය. අධික මූල්‍ය වටිනාකමක් ඇති භාණ්ඩ මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව තෝරාගත් විමල් වීරවංශගේ හෙංචයියන් කීප දෙනෙකුට පමණක් මේවායේ සැපයීම් බාර දී ඇත. මෙහි ඇති අපූරුව නම් ඩීසල් සැපයූ ආයතන 3 ඩීසල් අලෙවියට පිළිගත් ආයතන නොවේ. බිටුමන් තාර සැපයීමට වීරවංශ තෝරාගත් ආයතනයද බිටුමන් තාර අලෙවියට පිලිගත් ආයතනයක් නොවේ. අනෙක්වාද එසේම ය. නියම පිලිගත් සැපයුම් කරුවන් සිටියදී කොහේවත් යන හෙංචයියන්ට අධික මුදල් ගෙවා මේවා මිලදී ගෙන ඇත්තේ.
මෙහි ඇති තවත් බරපතල වංචාවක් නම් අවම මිල ගණන් යටතේ බිටුමන් තාර මිලදී ගැනීමට සිටින ප්‍රධානම සැපයුම් කරු වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වන අතර ඒවා ප්‍රවාහනයටම සැකසූ බවුසර් 6 ක් සංස්ථාව සතුව තිබියදී, සංස්ථාවේ අලෙවි නියෝජිතයන් ඒ පළාතේ සිටියදී විමල් වීරවංශ විසින් බිටුමන් තාර සැපයීම ඔහුගේ නුසුදුසු හෙංචයියන්ටම බාර දීමයි. ඒ හෙංචයියන් සැපයුම පැහැර හැරි අවස්ථාව වලදී යලි යලිත් ඇණවුම් බාර දෙමින් පැහැර හැරි සැපයුම් වල ගෙවීම්ද සිදුකර තිබීම පුදුමාකාරය.
අදාල තොරතුරු නිසි ලෙස සොයා මේ මහා වංචාවට සම්බන්ධ තවමත් සේවයේ සිටිනා අයට අභ්‍යන්තර දඬුවම් දීම් දෙන අතරේ විමල් වීරවංශ සහ ඔහුගේ හෙංචයියන්ට එරෙහිව FCඓඪ් යට පැමිණිලි කර පරීක්ෂණ බාර දෙන ලෙසද සේවක සංගමය විෂය භාර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.