වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් ජී. ගුණතිලක මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අතුරුදන්වීම සම්බන්ධයෙන් සොයාබලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙන අතර, එම උපදෙස්වලට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නිළධාරියා පසුගිය අගෝස්තු 7 වැනිදා නිවසට යන බව පවසමින් වව්නියාව පොලිස් ස්ථානයෙන් පැමිණ ඇති අතර, ඉන් පසුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
මෙම අතුරුදන්ව සිටින නිලධාරීයා අතුරුදන්ව සිටින අතර, වවුනියාව ප්‍රදේශයේ නිධන් හැරීමක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමකට මෙම නිලධාරීයා කටඋත්තර ලබාදී තිබෙන බවද වාර්තා වෙනවා.