දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සමාජයේ වැඩි අවධානයක් යොමුව ඇති මෙවන් කාල වකවානුවක සිඟිති දියණියක අතරමං වූ තවත් පුවතක් ඊයේ (20) වාර්තාවුණේ අනුරාධපුර – නොච්චියාගම ප්රදේශයෙන්. ශෂිනි මධුෂිකා නැමති සිව් හැවිරිදි මෙම දැරිය අද නොච්චියාගම බස් නැවතුම්පලේ බස් රථයක් තුළ තනිවම හඩමින් සිටියදී තොරතුරු ලැබී තිබුණා.
පසුව සොයා බැලීමේදී හෙළි වුණේ නොච්චියාගම – බෝගහවැව ප්රදේශයේ පදිංචි මෙම දැරිය, මව විසින් නොච්චියාගම දක්වා ධාවනය වන ශ්රී ලංගම බස් රථයකින් තනිවම පෙර පාසල් එවා ඇති බවයි. ඇය පෙර පාසල අසලින් බස්වා යන ලෙස බස් රථයේ සිටි පුද්ගලයෙකුට මව ප්රකාශ කර තිබුණත් ඔහුට එය අමතක වී තිබුණා.
පසුව දැරියගේ මව වන නාලනී මල්කාන්තිට නොච්චියාගම පොලීසිය අද පස්වරුවේ පොලීසියට කැඳවා තරයේ අවවාද කර තිබුණේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන ලෙස පවසමින්.
https://www.facebook.com/video.php?v=858528424254960