රටේ හිටපු බලවතුන්ගේ හා ඥාතීන්ගේ ගිණුම් එකක් නොව හතක් ගැන පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . හිටපු ඉහළම ප්‍රභූ වරයකුගේ ඥාතියකුගේ විදෙස් ගිනුමක ඇති ඩොලර් මිලියන 500ක මුදලක් ගැන විදේශ අධිකරණයකින් තීන්දුවක් ලබාගැනීමේ උත්සාහයක් ගැන අපේ රට වෙබ් අඩවියට වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මේ දක්වා කළ කටයුතු වලින් තවමත් ප්‍රතිඵල නැතත්,ඉදිරියේදී සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ද මින් විශ්වාස කරන බවයි සඳහන් වන්නේ.
දැනට මේ සම්බන්ධයෙන් රජය සතු තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස රජයේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙක් ජනාධිපති තුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලා ඇතත් දෙදෙනාම එයට විරුද්ධ වී ඇත . හරියටම හොරු අල්ලාගෙන ප්‍රකාශයට පත්කළ යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇති අතර අගමැතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ මේ වනවිට පලවී ඇති මාධ්‍ය වර්තාවලින්ද පරීක්ෂනවලට බාධා සිදුව ඇති බවයි .
මේ අතර පසුගිය දිනක සම කැබිනට් ප්‍රකාශක අමාත්‍යය රාජිත සේනාරත්න මහතා නම් ගම් සඳහන් නොකළ කළ හෙළිදරව්වකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ තමන්ට හෝ තම පවුලේ අයට විදේශ බැංකු ගිණුම් නැති බවයි .