මේ වසරේ (2015) පළමු මාස අටේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,147 ක් දක්වා සියයට 3.4 කින් පහත වැටී තිබේ.
මේ අතර පළමු මාස අටේදී ආනයන වියදම ගිය වසරේ (2014) එම කාල පරිච්ඡේදයේදී වාර්තා වූ අගය හා සැසඳීමේදී ආසන්න වශයෙන් නොවෙනස්ව ඇමරිකානු ඩොලර් මිලියන 12,559 ක් ලෙස පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසීය.
අගෝස්තු මාසයේදී වෙළෙඳ හිඟය අඩු වුවද මේ වසරේ මුල් මාස අටේදී වෙළෙඳ හිඟය පුළුල් වූ බවද මහ බැංකුව නිකුත් කළ ඔක්තෝබර් මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණයේ සඳහන්ය.