• Fri. Feb 3rd, 2023

විමල් නෑදෑයන්ට ගෙවල් බෙදා දුන් හැටි මෙන්න – පාර්ලිමේන්තුවේදී හෙළිවේ. (Video)

wimal weerawansa home

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් මත්තේගොඩ හා කහතුඩුව ප්‍රදේශවල ඉදිකළ සුඛෝපභෝගී නිවාස සංකීර්ණවල නිවාස බෙදා දුන් ආකාරය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විමසන ලද ප්‍රශ්නයකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පිළිතුරු සැපයීය.

ඒ අනුව එම සංකීර්ණයේ නිවාස දහතුනකින් පහක් හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ ලඟම ඥාතීන් අතර ඉතාම සොච්චම් මුදලකට බෙදා දී ඇති බව අනාවරණය විය. එම නිවාස ලබා දී ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයාගේ බිරිඳ වන තරංගමාල රණවීර, සහෝදරයාගේ පුතාගේ බිරිඳ වන වත්සලා කුමාරසිංහ, සහෝදරියගේ ස්වාමිපුර්ෂයා වන ඩබ්. හේමසිරි, අනෙක් සහෝදරියගේ ස්වාමිපුර්ෂයා වන ආනන්ද ප්‍රියදර්ශන හා අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයාගේ බිරිඳ වන වසන්තා රූපසිංහ යන අයටය. ඊට අමතරව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ ඉල්ලීම මත ජනාධිපති මාධ්‍ය අංශයේ කළමණාකරු ප්‍රියන්ත රත්නායක නැමැත්තාටද රුපියල් ලක්ෂ එකසිය දෙකක් වටිනා සුඛෝපභෝගී නිවාසයක් ලක්ෂ පහකටද මෙලෙස ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *