• Thu. Feb 2nd, 2023

විමල්ගේ පාස්පෝට් කතාවේ සුලමුල.

wimal weerawansa

ගමන් බලපත්‍ර‍ය කල් ඉකුත්වීම හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද අළුයම විදෙස්ගතවීමට නොහැකිවූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා උදෑසන පහට පමණ තලංගම පොලිසියට ගොස් තම රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය නැතිවූ බව කියමින් පොලිස් වාර්තාවක් ලබාගෙන ඇතැයි වාර්තාවුණා.

ඉන්පසු උදේ 7.30ට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් ඒ වෙනුවට නව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන අටහර, මේ ප්‍රශ්නය ගුවන්තොටුපොළේ දී මතුවූ අවස්ථාවේ ආගමන විගමන නිලධාරියකුට ඉතා තදින් දෝෂාරෝපණය කර ඇතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

වීරවංශ මන්ත්‍රීවරයා මුල් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය ගෙන ඇත්තේ 2011 බවද , එය 2012 මැයි මාසයේ නැති වූ බව කියමින් 2012 මැයි මාසයේ දෙවැනි ගමන් බලපත ලබාගෙන ඇතැයි ද, එම බලපතින් 2014 වසර අවසන්වන තුරු යාම් එආම් කර ඇතැයි ද, ජනාධිපතිවරණය පරාජයෙන් පසු විදෙස් ගත වී නැතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.

ඔහු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොලෙන් එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි, ඉතාලි, ප්‍රංශය හා එංගලන්තයට යන්නට ගොස් ඇත්තේ ‘සුද්දගේ අධිකරණය හා ජාතියේ අවනඩුව’ නම් පොතක් එළිදැක්වීමේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට යැයි ද දැනගන්නට ලැබේ.

මේ අනුව වීරවංශට රාජ්‍ය තාන්ත්‍රික ගවන් බලපත්‍ර තුනක් නිකුත් කර ඇතැයි පැවසෙනවා.

මන්ත‍්‍රීවරයා තම ගුවන් ගමන් බලපත‍්‍රය අස්ථානගතව ඇති බව දැනුම්දී පසුගියදා අලූ‍තින් ගමන් බලපත‍්‍රයක් ලබාගෙන ඇති නමුත්, ඔහු අද අලූ‍යම ඉදිරිපත් කර ඇත්තේ අස්ථානගතවුවා යයි කිව් ගුවන් ගමන් බලපත‍්‍රයයි.

මන්ත‍්‍රීවරයාගේ දැනුම්දීම මත ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත‍්‍රය අහෝසිකර ඇති බව නිලධාරීන් විසින් පැහැදිලි කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයා එය පිළිගෙන ඇත.

කෙසේවුවද, මෙම ඉතාලි ගමනට සුදානම් වීමට තිබු හෙයින් විමල් විරවංශ මහතා ඊයේ රාත‍්‍රී පැවති සර්ව පාක්ෂික සමුලූ‍වටද සහභාගී නොවිය.

මීට පෙර වීරවංස මන්ත‍්‍රීවරයාගේ බිරිඳ ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස් කිරීම පිළිබඳව වරදකාරියක් වී සිටින අතර වීරවංස මන්ත‍්‍රීවරයාද ඒ වෙනුවෙන් ව්‍යාජ හැදුනුම්පතක් සකස් කර ඇති බවට අනාවරණය විය. නැතිවූ බවට පොලිසියට පැමිණිලි කළ ගුවන් ගමන් බලපත‍්‍රයකට වීරවංස මන්ත‍්‍රීවරයා වීසා ලබා ගැනීම වරදක් බව නොදන්නේ දැයි පිළිබඳව ඇත්තේ ගැටලූ‍වකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *