හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා මුදල් කාබාසිනියා කරමින් ඔහුගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා කොටුව ජනාධිපති මන්දිරයේ තනා තිබෙන මාලිගාවේ ඡායාරුප මෙලෙස ඔබ වෙත දක්වා ඇත.
සම්පුර්ණයෙන්ම රාජපක්ෂ පවුලේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් නිම කල ඇති මෙම මාලිගාව සඳහා වැය වී ඇති මුදල සඳහන් කිරීමට ජනාධිපති කාර්යාල නිලධාරීන් පවා අපොහොසත් වී ඇත. තවමත් ගණන් බලාද නැත.
ඝණ කොන්ක්‍රීට් බිත්ති සහිත මෙම මාලිගගේ එක බිත්තියක් අඩි 6ක් පමණ ගනකම්ය.
පොලොව මතුපිට පිහිටා ඇති කොන්ක්‍රීට් පෘෂ්ඨය අඩි 12කින් පමණ ඝණකම්ය.පොලොව මතුපිට මාලිගාව ඒ මත නිර්මාණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොටුව ජනාධිපති මන්දිරයේ වාසය නොකලත් මසකට කොටුවේ ජනාධිපති මන්දිරය හැරුනුකොට මෙම භූගත මාලිගාවට පමණක් ලක්ෂ 30ක් පමණ විදුලි බිලක් දැරීමට සිදුවෙන බව සඳහන්.
ඒ මෙම භූගත මාලිගාවේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන වායු සමීකරණ සඳහා සහ නඩත්තු කටයුතු වෙනුවෙනි.
මෙම භූගත මාලිගාව පොලොව යටට තට්ටු 2ක් ද පොලොව මතුපිට තට්ටු 2ක්ද වෙයි දල වශයෙන් මෙම මාලිගාව වර්ග ආඩි 15000ක් පමණ වෙති “ඉතාලියෙන් අනයනය කරනලද ගෘහ භාණ්ඩ” ඇතුලත්ය.
නාමල් රාජපක්ෂ සහ ඔහුගේ රගර් ක්‍රීඩා කරන මිතුරන් මෙම භූගත මාලිගාව සිය නවතැන්පලක් ලෙස භාවිත කර ඇති අතර මෙහි ඇතුලත යෝගී මධ්‍යස්ථානයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක් වැනි නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතය.
පොලොව යට අඩි 40ක් පමණ පහලට තට්ටු පිහිටා ඇත. තට්ටු වල එහා මෙහා යාමට විදුලි සෝපානයක් පවා නිමවා ඇති අයුරු දැකගත හැක.
කොළඹ වරයා දෙසට ඉදිකර තිබෙන භුගත උමන් මාර්ගයද ඝණ කොන්ක්‍රීට් බිත්ති වලින් සමන්විතයි.
භූගත මාලිගාවේ පමණක් අතිසුඛෝපභෝගී කාමර 6 කට වඩා මෙහි ඇති අතර ඒ සැමටම වෙනම නාන කාමර සහ වෙන්ව ඇත. රැස්වීම් ශාලාවක් සහ හදිසියකදී පිටව යාමට හැකි දොරකඩ පසුපසින් තබා ඇතිමුත් එහි තවමත් වැඩ ඉවර වී නොමැත.
ඉරාකයේ සදාම් හුසේන් ලිබියාවේ ගඩාෆි වැනි ඒකාධිපති නායකයින් මෙවැනි ආකාරයෙන් කටයුතු කර ඇති අතර එහෙත් පසුකාලීනව ජනතා අප්‍රසාදයට පත් විය.
මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට කොටුව ජනාදිපති මන්දිරයේ මෙවැනි භූගත මාලිගාවක් ඉදිකරේ ඇයිද යන්න ගැටලුවක් වන අතර අරලිය ගහ මන්දිරයෙත් මෙලෙසින් රහසිගත භූගත මාලිගාවක් ඇති බවට දැන් දැන් සැක සංකා මතුවී ඇත.
මෙම මාලිගාව පිලිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙළිකරන ලද්දේ පසුගියදා කොටුව ජනාධිපති මන්දිරයේ පවතී පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රධානයට පැමිණි පාසල් සිසුන් පිරිසක් ඉදිරියේදීය.
තමන්ට වෙන්ව ඇති කොටුව ජනාධිපති මන්දිරය වෙත තමන් පදිංචියට ආවේ නම් මසකට රුපියල් ලක්ෂ 150 කට වඩා රජයට වියදම් වන බවත් තමන් දැන් ජිවත් වන නිවසේ ලයිට්බිල් වතුර බිල් සහ නඩත්තුවට වියදම ලක්ෂ 5ක් වත් නොයන බවත් එහිදී ජනාධිපති තුමා සඳහන් කළේය.
පසුගිය රාජපක්ෂ රජයේ ගෙන්වන ලද සුපිරි BMW බයිසිකල් රථ ජනාධිපති මෛත්‍රීගේ බව නැවත නැවතත් බංකොලොත් වී ඇති ජඩ මාධ්‍ය වල පෙන්වමින්,සරල දිවි පෙවෙතක් ගත කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවත් රාජපක්ෂ ඝණයට ඇද දැමීමට උත්සහ කරන්නාවූ ජඩමාධ්‍ය කරුවන් මේවා තේරුම් ගෙන ඇත්ත ඇති සැටියෙන් කරුණු හෙළිදරව් කළ යුතු කාලය එලඹ ඇත.
It is for the ascharya and benefits for the public try mahinda again and get an another palace. This work is similar to Prabakaran’s work